එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෝ තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට

අපේක්ෂා නොකරන බවත්, තමන් කොළඹ දිස්ත්‍රීක්කයෙන් ද තම බිරිඳ අම්පාර දිස්ත්‍රීක්කයෙන් ද එළඹෙන මහ මැතිවරණයේදී තරඟ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ පවසයි.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සිව්දෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වෙත දැනුම් දීමක් කර ඇති බවට මාධ්‍ය වාර්තා පලවී තිබේ.

එලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ඉල්ලා ඇත්තේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, දයා ගමගේ සහ නවීන් දිසානායක යන සිව්දෙනා සඳහා බව එම වාර්තාවල සඳහන් වේ.

 ඒ පිළිබඳ 'නෙත් නිවුස්' කළ කරුණු විමසීමකදී දයා ගමගේ මෙලෙස ප්‍රතිචාර දැක්විය.

 

'ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය' ගැන කරූ කියන කතාව !

ඉදිරි මහ මැතිවරණයෙන් පසු තමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලා සිටි බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කථානායක කරූ ජයසූරිය පවසයි.

කථානායකවරයාගේ නිල නිවසේදී එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිළිබද ඉල්ලීමක් සිදුකර තිබූ බවට එම මාධ්‍ය වාර්තාවල පලවිය.

එහෙත් එවැනි සාකච්ඡාවක් කථානායක නිල නිවසේ හෝ වෙනත් ස්ථානයක තමාගේ සභාපතිත්වයෙන් නොපැවැත්වුණු බව කරූ ජයසූරිය අවධාරණය කර සිටියි.

වෙනත් කිසිවෙකු විසින් හෝ කථානායකවරයා වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සම්බන්ධව එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බව කථානායක මාධ්‍ය අංශයද අවධාරණය කර තිබේ.

 

සජිත්ට  ගම්පහින් එන්නැයි ඉල්ලීමක් !

මේ අතර විපක්ෂනායක කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, ඉදිරි මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන්නැයි 'සමගි ජන බලවේගයේ' නායක සජිත් ප්‍රේමදාසගෙන් එම දිස්ත්‍රීක්කයේ එජාප පාක්ෂිකයින් ගෙන් බලවත් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවයි.

කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් මිට ඉහතදී වාර්තාවූයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් නව සන්ධානය යටතේ ඉදිරිපත්වන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වන බවත්ය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා විජිත් විජිතමුණි සොයිසා යන හිටපු ඇමතිවරුන් ද ඉදිරි මහ මැතිවරණයේදී 'සමගි ජන බලවේගය' යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්වීමට නියමිතය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්