පසුගිය යුගයේ මහත් ආන්දෝලනයට ලක්වුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම ක්‍රියාත්මක කිරීමට

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව 'රාවය' පුවත්පත වාර්තා කර තිබේ.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අධ්‍යයනයක් කර නිර්දේශ ඉදිරිපත් කරන්නට ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ කමිටු ප්‍රධානී ආචාර්ය ලලිතසිරි ගුරුවරුන්ගෙන් අධ්‍යයන වාර්තාව පිළිබඳව 'රාවය' කළ විමසුමේදී ඒ බව තහවුරුවී ඇත.

'රාවය'ට පිළිතුරු ලබාදී ඇති ආචාර්ය ගුණරුවන් පවසා ඇත්තේ, ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළිදරව් කල නොහැකි බවය.

මේ වනවිට එම්සීසී ගිවිසුම පිළිබඳ අධ්‍යයනයේ අතුරු වාර්තාවක් රජයට භාරදී ඇති බවත් තව සිව්මසකින් අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බවත් පවසා ඇති ආචාර්යවරයා, අධ්‍යයන වාර්තාවේ අන්තර්ගත තොරතුරු, තොරතුරු පනත ප්‍රකාරව ඉල්ලා සිටියද ලබාදිය නොහැකි බව සඳහන් කර තිබේ.

''ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් ඊමේල් ලිපියක් මගින් රාවයට දන්වා එවා ඇත්තේ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිදුකරන අධ්‍යයනය අගය කරන බවය.''

එහෙත් මෙම ගිවිසුම් ගැන 2019 නොවැම්බර් 09 'දේශය' පුවත්පතේ වාර්තාවකට අනුව එවකට සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් නොදන්නා හෙයින් එය අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්තු කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත්ය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් ඊමේල් ලිපියක් මගින් රාවයට දන්වා එවා ඇත්තේ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිදුකරන අධ්‍යයනය අගය කරන බවය.

රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ, එම්.සී.සී. ගිවිසුමේ අධ්‍යයන වාර්තාව නොබලා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

එම්.සී.සී. ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක මුදලක් හිමිවීමට නියමිතය. ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට ප්‍රධාන බාධක ලෙස පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා හඳුනා ගනිමින් ඒ සඳහා ව්‍යාපෘතීන් කීපයක් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ එම්.සී.සී. ගිවිසුම කිසිසේත්ම ක්‍රියාත්මක නොකරන බවට ජනතාවට පොරොන්දු විය. එහෙත් අද එය ජනතාවගෙන් වසන් කොට ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව තල්ලු වී ඇත.''

 

''රජයේ වත්මන් ස්ථාවරය ගැන සතුටුයි'' - හිටපු ඇමති මංගල කියයි

ඡන්ද කාලයේ කවර කතා පැවසුවද, මේවනවිට වත්මන් රජයේ බොහෝ දෙනා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන මධ්‍යස්ථ ස්ථාවරයක් ගනිමීන් සිටීම ගැන තමා බොහෝසේ සතුටු වන බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

 

සබැඳි පුවත් :

මංගලගේ MCC කතාව ජනපතිට ඇට වූ උගුලක්  ලු ! (VIDEO)

මහින්දත් විමතියට පත්කල සජිත්ගේ කතාව!

MCC ගිවිසුම: අත්සන් කරන්නේ නෑ - විමල්; යළි සලකා බලනවා - කෙහෙළිය; අපි විරුද්ධයි - එජාප

MCC ගිවිසුම ලංකාවේ ක්‍රියාත්මක කරනවා' -ඇමරිකාව කියයි (VIDEO)

ජනපති ගෝඨාභය මුහුණදෙන පළමු අභියෝගය : ඇමරිකානු MCC ආධාරය ගන්නවද? නැද්ද?

MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති

MCC Sri Lanka Agreement ගැන ඇත්ත නැත්ත | MCC ගිවිසුම උගුලක්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්