පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස ද කටයුතු කළ තිස්ස අත්තනායක ඉදිරි මහ මැතිවරණයේදී 'සමගි ජන බලවේගය' නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිතය. 

ඒ සඳහා ඔහුට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ද සහය පලවී ඇත.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේ සිය මහජන සම්බන්ධිකරණ කටයුතු වෙනුවෙන් ඔහු විසින් පසුගිය 20දා මහනුවර කටුගස්තොට පාරේ මහයියාවේ දී කාර්යාලයක් ද ආරම්භකර තිබේ.

1989 වසරේදී මහනුවර දිස්ත්‍රීක්කයේ උඩුදුම්බර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තිස්ස අත්තනායක, අනතුරුව 1994, 2000, 2001 හා 2004 වර්ෂවල ද මහනුවර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2010 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට පත්වුයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තනායක අවස්ථා කිහිපයකදීම අමාත්‍ය ධුර දරා ඇත.

ජායා

Thissa 202.24

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්