තරුණයෙකු අබාධිත තත්වයට පත් කරමින් 2016 වසරේදී රාජගිරියේ දී රිය අනතුර වූ අවස්ථාවේදී එම රථය පැදවූයේ

තමන් නොවන බව හිටපු ඇමති පාඨලී චම්පික රණවකගේ රියදුරු දිළුම් තුසිත කුමාර පිළිගෙන තිබේ.

2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චම්පික රණවක මන්ත්‍රිවරයාට සහ ඔහුගේ රියදුරුට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු වාර්තා කරමින් ඒ බව දැනුම් දී ඇත.

අදාළ දිනයේ තමන් එම රථය පැදවූයේ නැති බවත් අනතුරේ වගකීම බාරගෙන අදාල වාහනය පොලිසිය වෙත බාර දෙන්නයි ඇමතිවරයාගේ තවත් රියදුරෙකු වන අල්විස් නැමැත්තාගේ දැනුම්දීමක් අනුව කටයුතු කළ බවත් රියදුරු දිළුම් තුසිත කුමාර ප්‍රකාශ කර  තිබේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා එහිදී සඳහන් කර ඇති පරිදි, මෑතකදී ද තමන් බත්තරමුල්ලේ පිහිටි චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ නිවසේ සැඟවී සිටි බවද එම රියදුරා පිළිගෙන තිබේ.

තමන් කලින් කියූ දෙය අසත්‍ය බවත් දැන් පවසන්නේ සම්පූර්ණ සත්‍ය බවත් අදාල රියැදුරා දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් ද ලබාදී දීමටද ඔහු කටයුතු කර ඇත.

කෙසේවුවද අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පැදවුයේ හිටපු ඇමති චම්පික රණවක බවට රියදුරු දිළුම් තුසිත කුමාර කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර එවැන්නක් මේ දක්වා පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලින් ද තහවුරු වී නොමැත.

 

පාඨලි විදෙස් ගත වෙන්න අවසර ඉල්ලයි:

සතියක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවට යාමට සිය විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින්නැයි චම්පික රණවක මන්ත්‍රීවරයා සිය නීතිඥයින් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට අවශ්‍ය බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණ.

ඒ අනුව, එම ඉල්ලීම මාර්තු මස 04 දා සලකා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය එහිදී නියෝග කර තිබේ.

අදාල නඩුව යලි මහ මැතිවරණයෙන් පසුව මැයි මස 13දා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සමතයකට පත්ව තිබුනද රාජපක්ෂ ආණ්ඩුව යළි බලයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ නායකයකු වන හිටපු ඇමති පාඨලී චම්පික ඉලක්ක කර ගනිමින් යළිත් වටයකින් පොලිස් විමර්ශන හා අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.


"රාජගිරිය අනතුර" ඇත්තටම මොකද වුණේ?

 

සබැඳි පුවත් :

''මිනිසුනේ නුඹලාට දරුවන් නැද්ද? '' - චම්පිකගේ දියණිය තැබූ සංවේදී සටහන සමග චම්පිකගේ බිරිඳ කරන විශේෂ හෙළිදරව්ව (VIDEO)

චම්පික අත්අඩංගුවට ගැනීම: ''නීතිපතිවරයා ජනපතිගේ කීමට එකඟ වුණේ නෑ'' – වාසු

චම්පිකට ඇප දෙනවද? නැද්ද? තීන්දුව අද :වැලිකඩ හිටපු OIC ගෙන් ප්‍රශ්න කරලා !

චම්පිකට ඇප දෙනවද? නැද්ද? තීන්දුව 24 : නීතිය අවභාවිතා කරන්නේ කව්ද ? නීතිඥයින් විමසයි 

'චම්පික අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්'-ජවිපෙ

''ඇයි ආණ්ඩුව චම්පිකව හිරේට දමල වීරයෙක් කරන්න හදන්නේ?’ -උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

දේශපාලන පලිගැනීම් නොකරන බව නාමල් කියද්දී හිටපු ඇමති චම්පික අත්අඩංගුවට (VIDEO)

රාජගිරියේ රිය අනතුර: ''චම්පික හෝ රියදුරු සැකකරුවන් ලෙස නම් කර නැහැ'' - මහේස්ත්‍රාත්වරිය කියයි

හිටපු ඇමති චම්පිකගේ රියදුරුගේ බිරිඳ, දරුවා හා දෙමාපියන් අත්අඩංගුවට!

''ජාතික නායකයෙක් ලෙස මතුවෙමින් සිටින්නේ චම්පික'' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ (VIDEO)

චම්පිකට එරෙහිව මෙහෙයුම් ඇරඹේ : 2016 රිය අනතුරු නඩුව නැවත කරළියට (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්