හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ මාතර නිවසේ අද (27) රාත්‍රී සර්ව රාත්රීක පිරිත් සජ්ජායනයක් පැවැත්වෙනු ඇති බවත් හෙට දිනයේ දී මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිනාවක් ද සංවිධානය කර ඇති බවත් වාර්තාවේ.
සිය දෙමාපියන් සිහිකර සැම වසරකම මාර්තු මාසයේ ඔහුගේ නිවසේ දානමය පින්කම් සිදු කෙරෙන නමුත්, මහ මැතිවරණයක් ආසන්නයේ මෙවැනි පිරිත් පින්කමක් පැවැත්වීමත් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගිවන බවට වාර්තාවීමත් නිසා මෙම පින්කම් කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇත.
එහි විශේෂිතම කාරණය වන්නේ පසුගිය සමයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා සමග මතවාදීමය ගැටුමක නිරතව සිටි මංගල සමරවීර මන්ත්‍රීවරයා, මෙවැනි පින්කමක් සංවිධානය කර තිබීමයි.
ජනාධිපතිවරණය නිමාවත් සමග දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කර සිටි මංගල සමරවීර හිටපු ඇමතිවරයා, තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන බව මේවනවිට ප්‍රකාශයට පත්කර තිබේ.
අද ඔහුගේ නිවසේ පැවැත්වෙන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය 'මංගල සමග ගමනක්' සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ සජීව විකාශය කිරීමටද කටයුතු යොදා ඇත.