රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලූ කැබිනට් පත්‍රීකා කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව අදාළ කැබිනට් පත්‍රීකා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර විශේෂ අවදානයකට යොමු කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.

සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වේ. ඊට අගමැතිවරයා මෙන්ම, ජනාධිපති ලේකම්වරයා, අගමැති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ කැබිනට් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගීවේ.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන සියලූ යෝජනා මෙහිදී සලකා බැලෙන අතර අත්‍යවශ්‍ය යෝජනා පමණක් ඊට පසුදින පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරේ.

“කැබිනට් පත්‍රීකා අකුරක් නෑර කියවන එකම ජනපති''

අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා උත්සව සභාවක් අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂගේ මෙම ක්‍රියාකලාපය ඇඟයීමට ලක් කළේය.

එහිදි අගමැතිවරයා පැවසූවේ, ජනාධිපතිවරයා සියලූම කැබිනට් පත්‍රීකා අකුරක් නෑර කියවා බලන බවත්, එවැන්නක් සිදු කරන පළමු හා එකම ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ බවත්ය. තමන් ජනාධිපතිව සිටියදීද එවැන්නක් සිදු කලේ නැති බවද අගමැතිවරයා එහිදී කියා සිටියේය.

'ඩීල් දාන' ඇමතිවරුන් ගැන බුද්ධි අංශ සෝදිසියෙන් !

කෙසේවුවද ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ, ඇතැම් ඇමතිවරුන් ඉතාමත් සුක්ෂම ලෙස ඉදිරිපත් කරන කැබිනට් පත්‍රීකා හරහා රජයට ආර්ථික වශයෙන් බරපතල අවාසි තත්වයන් මතුව ඇතැයි ලැබී ඇති බුද්ධි වාර්තා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.

මෙරට කුප්‍රකට ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ඇමතිවරුන් මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා හිතවතුන් සම්බන්ධයෙන් මේවනවිටත් රජයේ බුද්ධි අංශ විශේෂ අවධානයකින් කටයුතු කරන බවද එම ආරංචිමාර්ග පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්