සමඟි ජන බලවේගය මධ්‍යම කාරක සභාවට සියයට හැටක සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂයෙන් පත් කිරීමට අද (28) පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් ලබන ඉරිදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කර තීරණයක් ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ඡන්ද ලකුණ සහ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එජාප මුලස්තානයේදී රැස්වුණි.

නව සන්ධානය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැගී තිබුණු අර්බුදවලින් 95%ක ප්‍රමාණයක් විසදා ගැනීමට අද (28) සවස පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හැකියාව ලැබුන බව එම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරයකු පැවසිය.

'හංසයා' දෙන්න රවී ගෙන් යෝජනාවක් !

කෙසේවුවද මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ 'අලියා' ලකුනුන් ද 'හංසයා' ලකුණින්ද 'සමඟි ජන බලවේගය' පක්ෂයේ නිල සලකුණ වන 'දුරකථනය' යටතේද යන්න ඉරිදා අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එජාප මන්ත්‍රී සුජීව සේනසිංහ පැවසුයේ, 'හංසයා' ලකුණ ලබාදීම වෙනුවෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ බවයි.

සජිත්ගේ සහයට මුස්ලිම් කොංග්‍රසයත් එයි !

මේ අතර සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය හා එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි.

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අද පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.


නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින ගැටළුව පිළිබද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට විපක්‍ෂ නායකවරයා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්