යහපාලන රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සුත්‍රය මෙවන තෙක් ක්‍රියාත්මක වූයේ නම්

සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩුකර, ඒ හරහා බස් ගාස්තු හා ත්‍රීවීල් ගාස්තු ද අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට හැකියාවක් තිබුන බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

යහපාලන ආණ්ඩු සමයේදී ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින්, මෙරට පාරිභෝගිකයාට උපරිම වාසියක් අත්වන පරිදි මිල සුත්‍රයට අනුව සෑම මාසයකම 10 වනදා ඉන්ධන මිල ප්‍රකාශයට පත්කරනු ලැබිය.

ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට තෙල් මිල සුත්‍රය හඳුන්වාදෙමින් එවකට මුදල් ඇමති මංගල සමරවීර පොරොන්දු වී තිබිණි.  

image 1e9743259e 660x3812xඇමති මංගල ඉන්දන මිළ සුත්‍රය හඳුන්වා දුන් අවස්ථාව... (වත්මන් භාණ්ඩාගාර ලේකම් ආටිගල දකුණු පස කෙලවර)

එසේම, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ගෘහස්ථ ගෑස් සඳහා ද යහපාලන රජය විසින්  මිල සුත්‍රයක් හඳුන්වාදීමේ ප්‍රතිපලයක් ලෙස 2025 දී රු 2000 ට වඩාවැඩි මුදලකට විකුණු 12.5 කිලෝ ග්‍රැමයක ගෑස් සිලින්ඩරයක මිල අද වන විට රු 1500 දක්වා අඩු කර තිබේ .

ඒ අනුව සිංගප්පුරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සුත්‍රයට අනුව තෙල් මිල පහත පරිදි සංශෝධනය කරන ලදී.

Fuel Price 20202019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2020 මාර්තු වන විට තිබිය යුතු තෙල් මිල

අද වන විට එනම් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇත. 2019 සැප්තැම්බෙර් මස ඇ.ඩො. 65 සිට අද වන විට ඇ.ඩො 45 දක්වා බ්රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල බෙහෙවින් අඩු වී ඇත.

''අද වන විට එනම් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇත. 2019 සැප්තැම්බෙර් මස ඇ.ඩො. 65 සිට අද වන විට ඇ.ඩො 45 දක්වා බ්රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල බෙහෙවින් අඩු වී තිබේ.

ඒ අනුව 2019 මෙම රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව තිබේ.

මෙමගින් බස් ගාස්තු සහ ත්‍රීවීල් ගාස්තු ද අඩු කර ජීවන වියදම් අඩු කර එලවලු සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම නිසා ජීවන බරින් මිරි කී සිටින ජනතාවට සහන ලබාදීමට හැකිව තිබුණි.

පොහොට්ටු රජයේ සහන මල්ල අපේක්ෂාවෙන් සිට අපේක්ෂාභංගත්වයට පත්වූ ජනතාවටත් තෙල් මිල අඩු කිරීමෙන් සහනයක් ලබා දිය හැකිය.

මේ රජය ජනතාව සහන ලබාදීමට කිසිඳු ආකාරයකින් කටයුතු නොකරන බව ඉන්දන මිල සහනය ජනතාවට ලබා නොදිමෙන්ම පැහැදිලිවන බව මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේය.

Oil Price 2020

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image