හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදීම

සම්බන්ධයෙන් සංවාදයක් ඇතිව තිබෙන බව එම දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔහු මැතිවරණයට ඉදිරිපත් කළහොත් එය ගැටුම් රාශියකට මුල් විය හැකි බව 'පොහොට්ටු' පක්ෂයේ ඇතැම් නායකයින්ගේ අදහස වී ඇතැයි ද පැවසේ.

ශ්‍රීලනිප නායක, මෛත්‍රීපාල සිරිසේනට මහ මැතිවරණයට තරඟ කිරීමට ඉඩ නොදිය යුතු බවත්, ඔහුට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබාදීමටත් මේවනවිට යෝජනා වී තිබේ.

ඒ අනුව, ජාතික ලැයිස්තුවට සඳහා ඉදිරිපත් වන්නැයි හිටපු ජනාධිපතිවරයාට ඉල්ලීමක් ද ලැබී ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ තරඟ කර පාර්ලිමේන්තු ඒමට අවශ්‍ය බව කියමිනි.

 

''පොහොට්ටුවේ බල්ලන් බැඳතබන්න'' - වීරකුමාර

Image result for වීරකුමාර දිසානායකවීරකුමාර දිසානායක

මේ අතර 'පොහොට්ටුවේ' ඇතැම් නායකයින් ගෙන් ශ්‍රීලනිපයට එල්ලවන දැඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන  ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර බල්ලන් බැඳතබා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වන ගෝඨාභය රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ වගකීමක් බවයි.

වීරකුමාර දිසානායක මේ බව පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ජඩයෙකු බවටත් ඔහුට ගෑවුණු අයෙකුට හෝ මනාප නොදිය යුතු බවටත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය 05 වනදා කළ ප්‍රකාශයට ඊයේ (09) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "ප්‍රසන්න රණතුංගට මේ රටේ ජාතික පිළිගැනීමක් නෑනෙ. ශ්‍රීලනිපය ගිවිසුම් අත්සන් කරලා එකතුවෙලා තියෙන්නෙ පොදුජන පෙරමුණයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි එක්කලා. එතකොට එහෙම ගෑවිච්චි එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා කියනව නම්, මම ප්‍රසන්න රණතුංගගෙන් අහනවා මේ රටේ ලොකුම ශ්‍රීලනිපයට ගෑවිච්චි කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඊළඟට ශ්‍රීලනිපයට මෑත කාලේ වැඩියෙන්ම ගෑවිච්ච ලකුණ තමා පොහොට්ටුව. මොකද ශ්‍රීලනිපය එක්ක ගිවිසුම් අත්සන් කරලා හැම ශ්‍රීලනිප සාමාජිකයෙක්ම ඡන්දෙ දුන්නෙ ගෝඨාභය රාජපක්ෂට. එහෙනම් එයාට ඉස්සෙල්ලම ප්‍රතික්ෂේප කරන්න වෙන්නෙ ගෝ‍ඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව.

ඉතින් අපි කියනවා මේ ප්‍රසන්න රණතුංග වගේ අයට ශ්‍රීලනිප ඡන්ද යූඑන්පී එකට තල්ලු කරන දේශපාලනය කරන්න එපා. ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් වගකීමක් තියෙනවා මේ රටේ සමස්ත ජනතාව ගැන හිතලා බල්ලො බැඳලා දාන්න. බල්ලො බඳින එක එතුමන්ලාගෙ වගකීමක්" යනුවෙනුයි ඔහු කියා සිටියේය.

 

''එජාපයට යන්නේ නැහැ' - අමරවීර

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර පවසන්නේ, මෛත්‍රීපාල සිරිසේන නොව කවුරුන් ගියද තමන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවයි.

උත්සව සභාවක් අමතමින් ඔහු එබව සඳහන් කළේය.

මේ වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කෑගසන හිටපු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර ටික එදා බේරා දුන්නේ තමන් විසින් බවද ඔහු එහිදී සඳහන් කළේය.

සබැඳි පුවත් :

ශ්‍රීලනිපය වෙනම තරඟ කිරීමේ සුදානමක ! - පක්ෂ මධ්‍යම කාරක සභාව බදාදා කැඳවයි !! 

''ශ්‍රීලනිපයට ගැහිල්ලෙන් වෙන්නේ ජනපති තනිවෙන එකයි'' -දයාසිරි කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්