ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනිකව තනිවීම වලක්වා ගනිමින්, ඔහුට ඉදිරි වසර පහක (05) කාලයතුල සාර්ථක පාලනයක් ගෙනයාමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයක් අත්පත්කර දීම සඳහා මෙම මහ මැතිවරණයේදී වෙනම තරඟ කිරීම කෙරෙහි ශ්‍රීලනිප නායකත්වයේ අවධානය යොමුව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙවැනි ක්‍රියාමාර්ගයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය අතුගා දැමීමේ සැලසුම් සහගත මෙහෙයුමක් 'පොහොට්ටු' පක්ෂයේ නායකත්වය විසින් මේවනවිට එළිපිටම ආරම්භකර ඇති තත්වයක් තුලය.

'පොහොට්ටුවෙන්' මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රීලනිප අපේක්ෂකයින් පරාජය කිරීම සඳහා පොහොට්ටු නායකයින් මේවනවිටත් එළිපිටම දිස්ත්‍රීක් මට්ටමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා මැතිවරණයේදී තනිව ඉදිරිපත් විය යුතු බවට එම පක්ෂයේ ආසන සංවිධායකයින් බහුතරයක් පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් සිටින බව theleader.lk වෙත වාර්තාවේ.

දයාසිරි දැඩි ස්ථාවරයක : අමරවිර හා නිමල් 'පොහොට්ටුවෙන්' !

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ද එම ස්ථාවරයේ දැඩිව සිටින අතර 'පොහොට්ටුව' සමග සන්ධානගතව මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට මේවනවිට දැඩිව ප්‍රකාශ කරමින් සිටින්නේ, මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් දෙදෙනා පමණි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බදාදා කැඳවා ඇත.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.

මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතය.

මේ අතර එදින පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කොළඹට කැදවා තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්