කොරෝනා උවදුර පරාජය කිරීම සඳහා පක්ෂ බේදයෙන් තොරව රජයට සහය වන්නැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඇය පවසන්නේ, මෙම ජාතික උවදුර හමුවේ අප සියලු දෙනා එක්සත්ව පක්ෂ භේද මෙන්ම අන් සියලු භේද වලින් තොරව කොරෝනා වෛරස රෝගය නිවාරණය කිරීමට රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙමු කියාය. 

ඇයගේ පණිවිඩයේ මෙසේ සඳහන් වේ.

''ආයුබෝවන්. මහා සංඝරත්නයෙන් අවසරයි. සියලු ආගම්වල පූජකවරුනි, හිතවත් මිත්‍රවරුනි,

අප මේ වන විට පීඩා විඳිමින් සිටින කොරෝනා ව්‍යසනය නිදහසෙන් පසු අපිට මුහුණ දෙන්නට සිදුවු අතිශය බරපතළ ව්‍යසන අතරින් එකක්. 

කොරෝනා වෛරසය අපි මෙතෙක් මුහුණ දුන් සතුරන්ට වඩා බෙහෙවින් වෙනස් වන අතර එය අදෘශ්‍ය මාන වෙනවා. ඒ නිසාම භායානකයි. එය කොයි මොහොතේ මොන ආකාරයට හානි කරයිද කියලා තේරුම් ගන්නට අමාරුයි. 

එහෙත් මේ සතුරාගෙන් ගැලවී මේ වෛරසය නිවාරණය කරන ආකාරය පිළිබඳව අවබෝධයක් අපි සතුව තිබෙනවා. 

''මේ මොහොතේ ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ රජය සහ අනෙකුත් වගකිව යුතු පාර්ශවයන් මගින් සිදු කරන දැනුවත් කිරීම් සහ උපදෙස් නියමිත ආකාරයට පිළිපදින ලෙසයි. එය පෞද්ගලිකව ඔබට වගේම පොදුවේ අප රටටත් සිදු කරන විශාල මෙහෙවරක්. ''

මෙම ජාතික උවදුර හමුවේ අප සියලු දෙනා එක්සත්ව පක්ෂ භේද මෙන්ම අන් සියලු භේද වලින් තොරව කොරෝනා වෛරස රෝගය නිවාරණය කිරීමට රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙමු කියා මා ඉල්ලා සිටිනවා. 

ඒ වගේම ගෝලීයකරණය වූ ලෝකයක යථාර්ථයට මුහුණ දෙමින් ජාත්‍යන්තරයෙන් ලබා ගත හැකි දැනුම, තාක්ෂණය සහ සහාය අපි ලබාගෙන මෙම ව්‍යසනය පරාජය කිරීමට ජාත්‍යන්තරය සමග එක්සත්ව කටයුතු කිරීමේ වැදගත් කම මම අවධාරණය කරන්න කැමති වෙනවා. 

ඔබ සැමට බුදු සරණයි දෙවි පිහිටයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්