මේ වන විට විශාල ජනතාවක් ශ්‍රී පාදස්ථානය වෙත ඇදෙමින් පවතින අතර කොරෝනා රෝගය ව්‍යාප්ත වීමට එය රුකුලක් විය හැකි බවට අනතුරු අගවන පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙන්වා දෙන්නේ මේ මොහොතේ ඉතාමත්ම කල්පනාකාරීව ආගමික ස්ථාන කරා රැස්වීම මගහැරීම සුදුසු බවයි.

ලෝකයේ වඩාත්ම සුරක්ෂිත දුපතක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබියදීත් රට තුලට කෝරෝනා වෛරසය ඇතුලුවීම වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ලැජ්ජාවට පත් විය යුතු බවත් බොදු බල සේනානායකයා  අවධාරණය කළේ රජයෙන් මෙ වනවිට නිවාඩු ලබා දී ඇත්තේ චාරිකා හා විනෝද ගමන් යාමට නොව නිවසට වී ආරක්ෂිතව සිටිමට බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ජනතාවගෙන් ඉල්ලා සිටියදීය.

නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා !

මේ අතර අද දහවල් වාර්තා වුයේ,  අතුරලියේ රතන හිමියන් නායකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ, කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූජ්‍ය ගලගොඩ වත්තේ ඥානසාර හිමියන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා අත්සන් කර තිබිණ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්