මේ තීරණාත්මක මොහොතේ මහ මැතිවරණය පසුපස දුවමින් මනාප හඹා යමින් මිනිස් ජිවිත අනතුරේ නොදමන්නැයි දේශපාලනඥයින් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.
මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, 'මේ ඔබ ජනතාවක් ලෙස වඩාත් වගකීම් සහගතව හැසිරිය යුතු මොහොතක්' බව අවධාරණය කර තිබේ.
එම සටහනේ මෙසේද සඳහන් වේ.
උදේ සිට රෑ වනතුරු
පැය 24ම
රූපවාහිනි/ ගුවන් විදුලි / රින්ග් ඉන් ටෝන්
වලින්,
සිදුකර කිසිදු දැනුවත් කිරීමකින් ප්‍රතිඵලයක් සිදුවන්නේ නෑ
ඔබ ඒවා නොපිලිපදිනවා නම්...
කරුණාකර ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න!
කුමන පක්ෂයකට ඡන්දය දුන්නත්,
මාගේ මේ දැනුවත් කිරීම
දේශපාලකයෙක් විසින් සිදුකරන එක ලෙස නොසලකා, වෛද්‍යවරයෙකු විසින් සිදුකරන්නක් ලෙස සලකා,
ආරක්ෂාකාරීවන්න...
ඔබලා හිතනවට වඩා
මෙය ඉතාම දරුණු තත්වයක් කියලා විතරක්වත් තේරුම්ගන්න!
- රාජිත සේනාරත්න
'මනාප සොයා යාමට වඩා ජනතාවගේ ජිවිත සුරැකීම අපේ යුතුකමක්. වගකීමක්.'' -මංගල
මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් දැනුම් දී සිටින්නේ, මනාප සොයා යාමට වඩා ජනතාවගේ ජිවිත සුරැකීම අපේ යුතුකමක්. වගකීමක් වන හෙයින් රජයේ ඉල්ලීම මත අද (20) සිට 27 දක්වා සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රීක් කාර්යාලය වසා දැමු බවයි.
එම සටහනේ මෙසේද සඳහන් වේ.
ඡන්දයට වඩා මිනිස් ජිවිත වටිනා නිසා .....
මහ මැතිවරණය කල්දැමූ මැතිවරණ කොමිසමට ස්තුතියි ...
මේ මොහොතේ මනාප සොයා යාමට වඩා ජනතාවගේ ජිවිත සුරැකීම අපේ යුතුකමක්. වගකීමක්.
එහෙයින් රජයේ ඉල්ලීම මත අද (20) සිට 27 දක්වා 'සමගි ජන බලවේගය' මාතර දිස්ත්‍රීක් කාර්යාලය වසා දැමීමට අප තීරණය කල බව මෙයින් දැනුම් දී සිටිමු.
ඒ, අන් කිසිවක් නිසා නොව අන් කිසිවකට වඩා මිනිස් ජීවිතවල වටිනාකම හොඳින්ම දැන ඒ වෙනුවෙන් ඉතිහාසය පුරා පෙනී සිටි අයෙකු වශයෙනි.
එහෙත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී පහත දුරකථන අංකය ඔස්සේ ඔබගේ පණිවිඩය දැනුම්දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
041- 2222076
''නිවැරදි විසඳුම්කට නොයා සංදර්ශන පමණක් කළොත් තත්ත්වය භයානක වෙවි'' - පාඨලී
මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන්නේ, නිවැරදි විසඳුම්කට නොයා සංදර්ශන පමණක් කළොත් තත්ත්වය භයානක විය හැකි බවයි.
වීඩියෝ
රජයට සහය දෙන්න - චන්ද්‍රිකාත් කියයි
කොරෝනා උවදුර පරාජය කිරීම සඳහා පක්ෂ බේදයෙන් තොරව රජයට සහය වන්නැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඇය පවසන්නේ, මෙම ජාතික උවදුර හමුවේ අප සියලු දෙනා එක්සත්ව පක්ෂ භේද මෙන්ම අන් සියලු භේද වලින් තොරව කොරෝනා වෛරස රෝගය නිවාරණය කිරීමට රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙමු කියාය.
වීඩියෝ
කොරෝනා ගැන මරික්කාර්ගෙන් වෙනස් වැඩක්
අවධානයට ලක්විය යුතු පුවත් :
සබැඳි පුවත් :
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් : හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න
නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි!
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්:
#fightcorona : ඡන්දයකට වඩා පුරවැසි ජිවිත සුරැකීම මැතිවරණ කොමිසමේ වගකීමක් - මංගලගෙන් තවත් වීඩියෝවක් !
''දිසාපති කාර්යාල ඇරලා...ඇයි දන්නවද ? මිනිසුන්ට වඩා ඡන්දේ ලොකු වෙලා !''අනුරගේ විග්‍රහය මෙන්න !!
#fightcorona : වසංගත තත්වයක් තුල මැතිවරණ එපා ! - පෙරටුගාමියෝ කියයි
ඡන්දය කල් දැම්මොත් ආණ්ඩුවට අවාසියි - ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වේ
''පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න'' - හෙළ බොදු සවිය, ජනපතිට කියයි
''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි