ඉතාලියෙන් මෑතක දී මෙරටට පැමිණ ඇති ඇතැම් ශ්‍රී ලාංකීය පිරිස් නිරෝධායනයට ලක්නොවී සැඟවී සිටීම

කොරෝනා පැතිරයාමට ප්‍රබල හේතුවක් වී ඇතැයි වාර්තාවේ.  

ව්‍යාජ ගුවන් ගමන් බලපත් මගින් විදේශගතව ඇති ඔවුන් එකී වරදට පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් හිරේ විලංගුවේ වැටෙතැයි ඇති බිය නිසා එසේ සැඟවී සිටින බව පැවසේ.

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය, ඔවුන්ට පොදු සමාවක් ලබා දෙන ලෙසත් නැතහොත් 'ලෙඩේ' පැතිරයාම වැලැක්විය නොහැකි බවත් කියා සිටියි.

''හොර පාස්පෝට් තියෙන ඉතාලි අයට පාස්පෝට් කේස්වලට නඩු දාන්නෙ නැහැ, ඇවිත් ටෙස්ට් කරගන්න කියල පොදු සමා කාලයක් දෙන්න ඕනෙ. නැත්තන් උන් හැංගිලා ඉඳන් ලෙඩේ පතුරවයි, ඕක පැතිරෙන එක වලක්වන්න බැරිවෙනව.'' - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ

දැනට ශ්‍රී ලංකාව තුල හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගෙන් වැඩිම පිරිස ඉතාලියේ සිට පැමිණ අයයි.

කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරියගේ FB සටහන පහත පළවේ.

ඉතාලියෙන් ආපු ගොඩක් අයට තියෙන්නෙ හොර පාස්පෝට් ලු. හොර පාස්පෝට් කියන්නෙ, වෙන නම්,  උපන් දින ( දත්ත) තියෙන්නෙ. ඒ ඇඩ්‍රස්වලට ගියාම එහෙම අය නැහැලු. උන් හැංගිලාලු. ඒ හැංගිලා තියෙන්නෙ පාස්පෝට් කේස්වලට අහුවෙලා හිරේ යන්න වෙන නිසාලු.

ඒත් ශුවර් එකට ලෙඩේ බෝකරනව ඇති ඉන්න තැන්වල ඉඳන්. ලෙඩේ හැදිච්ච ගාන කියන ගාණට වඩා වැඩි වෙන්න ඕනෙ ඒ නිසා කියල තමා ආරංචිය. ඇඳිරි නීතිය දාගෙන හොයන්නෙ ඒ අයව.

පාස්පෝට් කේස්වලට නඩු දාන්නෙ නැහැ, ඇවිත් ටෙස්ට් කර ගන්න කියල පොදු සමා කාලයක් දෙන්න ඕනෙ ඒ අයට. නැත්තං ඕක පැතිරෙන එක වලක්වන්න බැරිවෙනව.''

Uvindu Kurukulasuriya 

 

ඉතාලි-කොරියා සිට පැමිණ නිරෝධානය නොවී පැන ගිය 170ක් රට පුරා…

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 170ක් පමණ පිරිසක් නිරෝධායනයට ලක් නොවී මගහැර ගොස් සැඟවී සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කරයි.

එම පිරිස් නිවෙස්වල සිටින්නේ නම් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් වල අය නිරෝධායනය සිදු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවද ඔහු පැවසීය.

එසේ නොවී සිටින පිරිසක් වේ නම් 119 පොලිස් හදිසි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එවන් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් නිරෝධනයට ලක්කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවද ඔහු කියා සිටියේය.

මෙම පිරිස් නිරෝධායනය නොවී සැඟවී සිටීම හේතුවෙන් වෛරසය රටපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති නිසා මෙම කඩිනම් වැඩපිළිවෙළක් දියත් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්