මෙම ජාතික ව්‍යසන අවස්ථාවේදී සමාජ හුදෙකලාවෙන් මිදීම සඳහා කුටුම්භය වෙත සමීප වෙමින් පැරණි මතභේද සියල්ල අමතක කර පවුලේ සමගිය හා සාමය ආරක්ෂා කර ගන්නැයි ජනප්‍රිය නිවේදකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන නාරද බක්මීවැව ජනතාව ගෙන් ඉල්ලීමක් කර සිටියි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු එම ඉල්ලීම සිදුකර තිබේ.

''අපිට පාට පක්ෂ කුලමල මේ කිසිවක් වැදගත් නැහැ. මේ කිසි දෙයක් සලකා බලන්නේ නෑ කොවිඩ් 19 වෛරසය. ඒ නිසා රටක් ජාතියක්  විදිහට එක්සත් වෙලා මේ අවස්ථාවේ සහයෝගය දක්වන්නට අවශ්‍යයි'' ඔහු අවධාරණය කරයි.

 ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි.

''මේ වෙනකොට අපි දන්නවා රට තුල කොරෝනා එහෙමත් නැත්නම් කොවිඩ් 19 වෛරසය නිසා හදිසි තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝකේ පුරාම වගේම අපේ රට තුලත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා දිනෙන් දින.  

අපි දන්නවා නිවෙස්වල රැඳී ඉන්නකොටත් අපිට යම් හුදෙකලාවක් පාලුවක් ඇතිවෙන්නට පුලුවන් ඉතින්  මේ තත්වය මේ තත්වය මගහරවා ගැනීමට අව්‍ය්‍ය කටයුතු අපි සම්පාදනය කරගත යුතුයි. 

අපි දන්නවා සමහර විට සෝෂල් මීඩියා හරහාත්  දුරකතන හරහාත් අපිට ජනතාව එකිනෙකා අතර ආමන්ත්‍රණය කරගන්නට පුලුවන් පහසුකම් සකස්කර ගැනීම සිද්ධ විය යුතු කාරණාවක්. 

අනික් පැත්තෙන් ගත්තහම නිවෙස්වලට වෙලා ඉන්නකොට පවුල ඇතුලේ සමගිය සාමය ආරක්ෂා කර ගැනීමට අප වෙසෙසින් කටයුතු කරගත යුතුයි. මොකද අපි එකට එක කුටුම්බයක් විදිහට එකට ජීවත් වෙනකොට අපිට තිබිච්ච විවිධ මතවාද මතභේද අමතක නරන්නට වෙනවා මේ වෙලාවෙදි. මොකද ජාතික ව්‍යසන අවස්ථාවක් නිසා. 

ඒ නිසා අපි   හැමෝම සාමයෙන් කටයුතු කරන්න පුලුවන් ආකාරයෙන් තමන්ගේ වැඩකටයුතු කතාබහ කරන ආකාරය සියල්ල පාලනය කරගත යුතුයි. 

''ආහාර පාන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න''

අනික් පැත්තෙන් ආහාර පානාදිය ගැන. අපි දන්නවා මේ අවස්ථාවේ සමහරවිට සමහරුන් මේ වෙනකොටත් අවශ්‍ය ප්‍රමාණයට ආහාර පාන රැස්කරගෙන ඇති හැබැයි ඒවා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. 

දැන් මේ ඇඳිරි නීතිය පැනවීමෙන් ඒ සැපයුම් සියල්ල නැවතිලා තියෙනවා. අලුතින් සැපයුම් එන්නට ටික කාලයක් ගත වේවි. ඒ නිසා තමන් සතුව තිබෙන ආහාර අවශ්‍ය ප්‍රමාණයට විතරක් පාවිචිචි කරන ලෙස ඉල්ලා සිටිනවා අපි එක පැත්තකින්.  

''අපිට පාට පක්ෂ කුලමල මේ කිසිවක් වැදගත් නැහැ. මේ කිසි දෙයක් සලකා බලන්නේ නෑ කොවිඩ් 19 වෛරසය. ඒ නිසා රටක් ජාතියක්  විදිහට එක්සත් වෙලා මේ අවස්ථාවේ සහයෝගය දක්වන්නට අවශ්‍යයි''

ඔබ අවශ්‍ය ප්‍රමාණයට විතරක් පාවිච්චි කරාට පස්සේ ඔබ වැඩිපුර මිලදී නොගත්තෝත් තවත් කෙනෙකුට අවස්ථාව තියෙනවා මිලදී ගැනීම සඳහා. 

ඉතින් මෙවන් වූ සියලු කාරණ පිළිබඳව අපි කල්පනා කරන්නට ඕනේ මොකද ජාතියක් විදිහට කටයුතු කරන්නට ඕන අවස්ථාවක්. 

අපිට පාට පක්ෂ කුලමල මේ කිසිවක් වැදගත් නැහැ. මේ කිසි දෙයක් සලකා බලන්නේ නෑ කොවිඩ් 19 වෛරසය. ඒ නිසා රටක් ජාතියක්  විදිහට එක්සත් වෙලා මේ අවස්ථාවේ සහයෝගය දක්වන්නට අවශ්‍යයි''

වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්