රටේ පුරවැසියන් ලෙස අප මේ අවස්ථාවේ කළ යුතු දෙය වන්නේ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් සියයට සීයක්ම පිළිපැදීම බව

ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය කිෂූ ගෝමස් පවසයි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු එම අවධාරණය සිදුකර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියි.

''අපේ රට මේ අවස්ථාවේ අති දුෂ්කර තත්වයකට පත්වෙලා තියෙන්නේ. අපේ රට විතරක් නොවෙයි මුලු ලෝකයටම දරාතත නොහැකි තත්වයක් තමයි උද්ගත වෙලා තිබෙන්නේ.

එම නිසා රටේ පුරවැසියන් විදිහට අපි මේ අවස්ථාවේ කළ යුතු දෙය වන්නේ මේ අපිට ලැබෙන උපදෙස් සෞඛ්‍ය අංශ තුලින් ආරක්ෂක අංශ තුලින් සහ මේ ප්‍රශ්නයට නායකත්වය සපයන ඒ සියලු දෙනාගේ උපදෙස්  මත පමණක් රැඳෙමින්  ඒ උපදෙස් සියයට සියයක් ක්‍රියාත්මක කරමින්  මේ ප්‍රශ්නයෙන් ගොඩවීමට අප විසින් දිය යුතු දායකත්වය ලබල දීමයි.

එසේ නොවුනහොත් සිදුවන්නේ මේ ඔබත් මගේත් අපේ රටේ ජනතාවගේත්  ජීවිත අනතුරේ වැටීමයි. එම නිසා මම මේ දේ කියන්නේ ඔබගේ සුබසිද්ධිය සඳහාමයි සහ රටේ අනාගතය වෙනුවෙන්.

''අපි පුලුවන් තරම් ඉක්මනට රටක් හැටියට ජනතාවක් හැටියට
කණ්ඩායමක් හැටියට මේ ප්‍රශ්නයෙන් එලියට එන්නට
මේ අවස්ථාවේ අපේ දායකත්වය ලබල දෙමු.''

ඒ නිසා අපි පුලුවන් තරම් ඉක්මනට රටක් හැටියට ජනතාවක් හැටියට කණ්ඩායමක් හැටියට මේ ප්‍රශ්නයෙන් එලියට එන්නට මේ අවස්ථාවේ අපේ දායකත්වය ලබල දෙමු.

ඒ වගේම ඔබ මම බලාපොරොත්තු වෙන අනාගතය නැවත නිර්මාණය කරගැනීමට ඒ අවශ්‍ය පදනම අපි නැවත සකස් කර ගමු කියන එක මේ අවසථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි.

 

අවධානයට ලක්විය යුතු පුවත් :

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද? 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් 

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි! 

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ !  

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද?

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න 

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

 කටකතාවලට රැවටෙන්න එපා !  

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image