රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් වූවා නම් ආර්තව දරිද්‍රතා ප්‍රශ්නයට මීට වඩා සාධාරණ විසඳුමක්

ලැබෙන බවට විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

2021 ඇඩ්වොකාටා ආයතනය හදුනා ගෙන ඇති ආකාරයට රට තුළ ගෘහ මූලික පවුල් ඒකක ලක්ෂ 54ක වයස අවුරුදු 15 සිට 49 දක්වා කාන්තාවන් හා දැරියන් ලක්ෂ 53ක් සිටින අතර ඔවුන්ගෙන් 50%ක් ආර්තව දරිද්‍රතාවෙන් පෙළෙන බව හදුනාගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

World Menstrual Hygiene Day වෙනුවෙන් 'එන්න, අපි ස්ත්‍රීත්වය සමරමු' යන මාතෘකාව ඔස්සේ කාන්තා ආර්තව දරිද්‍රතාව සම්බන්ධයෙන් වැල්ලවත්ත මිරාජ් හෝටලයේ පැවැති සමුළුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.


ආර්තව දරිද්‍රතාව යනු ආර්තව චක්‍රයට අවශ්‍ය උපාංගවලට ප්‍රවේශයක් නොමැති වීම හෝ ලබා ගැනීමට නොහැකි වීම හෝ සීමා සහිත ප්‍රවේශයක් පැවතීමයි.


ආර්තව සෞඛ්‍ය හා සෞඛ්‍ය සම්පන්න භාවයට මෙම මෙවලම් සෘජු බලපෑමක් කරන බව පැවසු විපක්ෂ නායකවරයා මේ ප්‍රවේශය සීමාසහිත වීම තුළ දැරියකගේ කාන්තාවකගේ උපරිම ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාව අහිමි වන බව පෙන්වා දෙයි.

2019 ජනාධිපතිවරයේදී මේ ගැන කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ තමාව විවේචනය කළ බවත් සත්‍ය වශයෙන්ම මේ මාතෘකාව ගැන කතා කරන්න හේතු වූයේ ආර්තව දරිද්‍රතාව පිටුදකින මෙවලම් උපකරණ හා ආම්පන්න ලබා දීමේ වෛද්‍යමය වැදගත්කම අවබෝධ වූ නිසා බව ද ඔහු කියා සිටියේය.

ආර්තව දරිද්‍රතාව තුළින් ගැබ්ගෙල පිළිකාව නිර්මාණය විය හැකි බව සේම අධ්‍යාපන ක්ෂේත්‍රය ද බරපතල කඩා වැටීමකට තුඩු දෙන බව හෙතෙම අවධාරණය කළේය.


අධ්‍යාපනය අහිමි වීම හා නිසි පහසුකම් නැති ශ්‍රම බලකාය

ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, හොද සෞඛ්‍ය සේවාවක් ආර්තව කළමනාකරණය උදෙසා තිබිය යුතු බවත් බොහෝ දැරියන් මේ පහසුකම් නොමැති නිසා පාසල් යාමට පවා මැලිකමක් දක්වන බව ද සජිත් ප්‍රේමදාස පවසයි.

මෙම හේතුව නිසා මේ වකවානුව වෙන විට තුනෙන් එකක් පමණ දැරියන් පාසල් නොයන බවත් ඉන් අධ්‍යාපනයට විශාල හානියක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රම බලකා දායකත්වය 33ත් 35% අතර පවතින බවත් කර්මාන්ත ශාලාවල සේවය කරන කාන්තාවන්ට මේ සදහා නිසි පහසුකම් නොමැති බවත් කාන්තාවන් ගැවසෙන ස්ථානවලට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, පිරිසුදු ජල පහසුකම් හා ආර්තව මෙවලම් ඉවත් කිරීමේ පහසුකම් ගැන රටක්, සමාජයක් ලෙස සංවේදීව සිතිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් අවධාරණය කළේය.

(චතුරංග මේදිස්)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්