මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්

ඖෂධය ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශ ද තීරණය කර ඇත.

ඒ, අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමග ලොව පුරා ඒ පිළිබද දැඩි අවදානයක් යොමු වීමත් සමගය.

ඒ අනුව අදාළ ඖෂධය මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබාදිම සඳහා නිර්දේශ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව තීරණය කර තිබේ.

මෙම ඖෂධය ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක් පවතින බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත.

 

IDH රෝගීයකු තරමක් සුව අතට !

 මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනාට ලබාදීමද ඉකුත් 20 වැනිදා සිට ආරම්භ කෙරිණ.

ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බව වෛද්‍යවරුන් පවසති.

මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය තවත් රටවල් කිහිපයක් කෙරෝනා ආසාදිතයින්ට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව කියා සිටියේය.

Prasanna gunasenaහයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය, කෙරෝනා ආසාදිතයින්ට කල්පනාකාරීව සහ සීමාවන් සහිතව භාවිත කළ යුතු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

මැලේරියා රෝගීන්ට ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප්‍රතිඵල ගෙනදිය හැකි බවද ඔහු මෙහිදී සිහිපත් කර සිටියේය.

 එම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

 

''ඖෂධ ලක්‍ෂ 25ක තොගයක් අප සතුයි. '' - රාජ්‍ය ඔසුසල කියයි

කොරෝනා වෛරසය ආසාදිතයන් සුවපත් කිරීම සඳහා දැනට මෙරට සාකච්ඡා මට්ටමේ ඇති ඖෂධය ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය විසින් තහවුරු කලහොත් ඒ සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් පරිදි තමන් සතුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරන්නේ මිලියන දෙකහමාරක පමණ ඖෂධ තොගයක් සංස්ථාව සතුව ඇති බවයි.

මෙම ඖෂධය ලබාදෙන්නේ නම් ඒ ලබාදෙන්නේ කාටද, කොපමණ ප්‍රමාණයකින් ද යන්න පැහැදිලිව දක්වමින් වෛද්‍ය මණ්ඩලය අනුමැතිය අවශ්‍ය බවද සභාපතිවරයා සඳහන් කළේය.

අවධානය යොමුකළ යුතු අදාල පුවතක් :

කොවිඩ් 19ට ප්‍රතිකාර සොයා ට්‍රම්ප් පස්සෙන් දුවන සජිත්, ජයසුමන සහ අරඹේපොල – සුනන්ද දේශප්‍රිය 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්