දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරුන් 24 දෙනෙකු අද දින කොළඹට කැඳවා කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසයි.

ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම සාකච්ඡාව කැඳවා ඇත්තේ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසිනි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදුවන ගැටලු:

විශේෂයෙන් මෙම රෝහල් වලට පැමිණෙන ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදුවන ගැටලු වලට අවශ්‍ය විසදුම් මෙම සාකච්ඡාවේදී ලබා දී ඇත.

ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සහ රෝග පාලනයට ගතයුතු නිර්ණායකයන් පිළිබදවද රෝහල් අධ්‍යක්ෂකවරු දැනුවත් කිරීමද මෙහිදී සිදු කර තිබේ.

රෝගී තත්වය විනිශ්චය කිරීම සඳහා  PCR පරීක්ෂණය එම රෝහල් වලම සිදුකරගැනීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පොරොන්දු වී ඇත.

එමෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධවද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

මෙම රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ක්ෂණික මිලදී ගැනීම් සදහා අවශ්‍ය අනුමැතිය සහ මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් දී තිබේ.

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ද සහභාගි වී සිටියේය.

''ඔබ දෙන නායකත්වය ඉතාම විශිෂ්ටයි''

මෙහිදී කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙසේ සඳහන් කර තිබේ.

 “ මේ වන විට මේ තත්වයේදී වඩාම ප්‍රශ්නගත තත්වෙට පත්වෙලා ඉන්නෙ රෝහල් අධ්‍යක්ෂවරුන් කියල අපි දන්නවා. නමුත් ඒ සියළු තත්වයන් හමුවේ ඔබ මේ සඳහා දෙන නායකත්වය ඉතාම විශිෂ්ටයි. ඉතින් මම මෙතනට ආවේ මේ වෙලාවේ රෝහල් අධ්‍යක්ෂ තුමන්ලා මේ සම්බන්ධයෙන් ගත් ඒ නායකත්වයට එකඟවෙමින් එම කටයුත්තට ස්තූතිය පුද කරන්න.

අපට අද සිද්ධ වෙලා තියෙනවා විශාල වගකීමකින් සහ තදින් ක්‍රියා කිරීමට. ඔබතුමන්ලාට මෙය සුළුපටු වගකීමක් නොවෙයි. සුළුපටු අවදානමක් නොවෙයි. ජාතිය ඉස්සරහා තියෙන්නෙ ලොකු වගකීමක්. 

මෙම වගකීම ගන්නෙ නායකත්වය ගන්නෙ ඔබ. ඔබ රෝහලේ සියලුදෙනාම එකතු කරගෙන කණ්ඩායමක් විදිහට ඔබේ සේවකයොත් රැකගෙන මේ කටයුත්ත කරන්න කියලා ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා.”

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්