මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. 

මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ. 

උතුරේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත. 

පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී. 

 දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇත. 

 
''ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී. ''

උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී. 

යාපනයේ රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, එම දේවමෙහෙයට සහභාගී වූ අයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන ඇති බවයි.

WhatsApp Image 2020 03 22 at 4.55.27 PMයාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගි වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  එම දේවගැතිවරයකු (ෆාස්ටර්)  එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහවුරුවී තිබේ.

යාපනයේදී උපත ලබා ඇති මෙම පූජකවරයා විසින් මෙහෙයවන ලද සුවකිරීමේ දේව මෙහෙයට 250 කට වැඩි පිරිසක් සහභාගි වී සිටි බව වාර්තා වේ.

මෙම පූජකවරයා මෙරට සිටිය දී සමීපව ඇසුරුකළ පිරිසෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ශරීරයේ ඇති වූ උණ සහිත රෝග ලක්ෂණ හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති පැවසුවේය.

උතුරු ආණ්ඩුකාර කාර්යාලයෙන් දැනුම් දීමක් !

එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගනිමින් පූජාවට සහභාගී වූ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු කරන බවත් එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත් උතුරු ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ බවට සැකකෙරෙන යමක් ශරීරයෙන් පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කොට රෝහල්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

Group
COVID 19 ආසාදනය වී පැමිණි පූජකවරයා ගමන් ගත් මාර්ගය.....

ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා මෙරට තුල සිටිය දී ඔහුගේ ගමන් මග සමාජ මාධ්‍ය කිහිපයක් විසින් වාරතා කර ඇත්තේ මෙසේය.

# මාර්තු 10 උදේ 9.00ට කටුනායක ගුවන්තොටුපොල

# එදිනම අනුරාධපුර මැන්ගෝ මැන්ගෝ හෝටලය, පළතුරු බීම එකක් පානය කර විවේක ගෙන ඇත.

# යාපනය, අරියාලෙයි පල්ලියේ එදින රාත්‍රී නවාතැන් ගෙන ඇත.

# පල්ලිය අසල වාසය කරන ඔහුගේ සහෝදරයන් සහ නෑයන් ආහාර සපයා ඇත.

# මාර්තු 13 දින, ඔහු යාපනය HNB එකට සහ සිග්නල් හන්දියේ කන්කසන්තුර පාරේ මාකට් එකට ගොස් ඇත.

# මාර්තු 15 දින යාපනය philadelphia පල්ලියේ දේව යාඥාව පවත්වා ඇත. මෙම යාඥාවට 250ක පමණ පිරිසක් සහභාගිව ඇත. එම පිරිස් නාවට්කුලි, යාපනය, මනිපායි, නල්ලූර් ප්‍රදේශ වල පදිංචිකරුවෝ බව සදහන්ය.

# මාර්තු 15 යාපනයෙන් රාත්‍රී 10ට කුලී රථයකින් පිටවී ඇත.

# එන අතරතුර, රාත්‍රියේ රියදුරු මුරුකන්ඩි පන්සල අසල නවතා ගිමන් හැර ඇත.

# මාර්තු 16 උදේ 5.30ට පමන ඩුබායි බලා පිටත්ව ගොස් ඇත...


සබැඳි පුවත් :

උතුරත් අවධානමක : කොරෝනා ආසාදිත දේවගැතිවරයෙකුගේ දේව මෙහෙයකට පැමිණි 150ක් ගැන සැකයක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්