ලොව පුරා පැතිර අපේ රටද ආක්‍රමණය කර ඇති භයානක කොරෝනා වෛරස වසංගත රෝග තත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා

අප සියල්ල එක්ව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියි.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු වන ඔහු එම කාරණය අවධාරණය කර ඇත්තේ, අද (22) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

විශේෂයෙන් රටේ ජනතාව විනයගරුකව, හික්මීමත් රජයේ උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව පවසන හිටපු ජනාධිපතිවරයා, ඒ සඳහා පහත කාරණා කෙරෙහි අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියි.

1 - රෝග මර්දනය සඳහා රජයේ වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය දීම.

2 - සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රමුඛ බටහිර වෛද්‍ය විශේෂඥයින් මෙන්ම දේශීය වෛද්‍ය ආයුර්වේද විශේෂඥයින්ගේ උපදෙස් නිසි ලෙස පිළිපැදීම.

3 - ත්‍රීවිධ හමුදාව, පොලිසිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් මෙම වැඩ පිළිවෙලට ගනු ලබන ක්‍රියාමාර්ගවලට සහාය දීම.

රෝග ව්‍යාප්තිය වලක්වා ගත හැක්කේ ජනතාවගේ හැසිරීමෙන් බව පවසන හිටපු ජනාධිපතිවරයා, තාමත් මෙහි භයානත තත්වය ජනතාව අතරේ ඇතැම් පිරිස් තේරුම් නොගෙන කටයුතු කරන බව පෙනී යන බවද කියා සිටියි.

අප සියල්ල පෞද්ගලිකව තමන්ගේ වගකීම ඉටුකලහොත් මෙම ව්‍යසනය ජයගත හැකි බව හෙතෙම සිය නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටියි.

maithripala press 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image