නිරෝධායනයට බිය නොවන ලෙසත්, රට මුහුණදී සිටින අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙය ජාතික යුතුකමක්,

සමාජ වගකීමක් සේ සළකා කටයුතු කරනත්  ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය සතියේ එංගලන්තයේ සංචාරයක නිරතව දිවයිනට යළි පැමිණි බැවින්, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින බව කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, News 1st විකාශය කළ COVID-19 විශේෂ වැඩසටහනට දුරකතනය ඔස්සේ අදහස් දක්වමිනි.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි වහාම තමන් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වූ බවත් මේ වනවිට මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ තමන් ස්වයං නිරෝධායනය වන බව සංගක්කාර සඳහන් කළේය.

මෙම නිරෝධායන කාල සීමාව තුළ පවුලේ සාමාජිකයින්ගේ වෙන්වී තමන් කාලය ගත කරන බව ද කුමාර් සංගක්කාර පැවසීය.

ඔහු මහජනතාවගෙන් වැඩිදුරට ත් ඉල්ලා සිටියේය සෞඛ්‍ය අංශ පවසන පරිදි සබන් යොදා නිසි පරිදි අත් සේදීම, සමූහයක් වශයෙන් නොසිට හුදකලාව සිටීම වැනි උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස ය.

 

නිරෝධායනය යනු කුමක් ද ?

රෝගය පැතිර යාමේ හැකියාව වැලැක්වීම අරමුණ ඇතිව, සංක්‍රාමික රෝගයකට (communicable disease) නිරාවරණය වී ඇති නමුත් මෙතෙක් රෝග ලක්ෂණ නොදක්වන්නේ යයි සාධාරණ ලෙස සැලකිය හැකි පුද්ගලයකු හෝ ජනතාවක්,  එසේ නිරාවරණය නොවූ පුද්ගලයන්ගෙන් වෙන්කර තැබීම නිරෝධායන යනුවෙන් දැක්වෙයි.

කොවිඩ් 19  සම්බන්ධයෙන් CDC විසින් නිර්දේශ කරනු ලබන්නේ රෝග ලක්ෂණ පහළ වේ දැයි නිරීක්ෂණය පිණිස දින දාහතරක නිරෝධායන  කාලච්ඡේදයකි.

සබැඳි පුවත් :

සමාජ දුරස්ථවීම: වෛරසය පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගයයි  

 'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image