හිටපු කතානායක කරු ජයසුරිය විසින් කළ ඉල්ලීමක් මත රටතුළ පවතින තත්ත්වය සාකච්ජා කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ

විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත. හෙට (24) පෙරවරු 10 ට අරලියගහ මන්දිරයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් මෙම රැස්වීම සඳහා කැඳවා තිබේ.

වත්මන් අර්බුදයට මුහුණදීම සඳහා සර්ව පාක්ෂික හමුවක් කැඳවීමට මැදිහත්වන්නැයි දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම, විවිධ වෘත්තීයවේදී සංවිධාන පසුගිය දිනකිහිපයෙහි කරු ජයසුරියගෙන් දැඩි ලෙස ඉල්ලා තිබුන අතර ඒ අනුව ඔහු අගමැතිවරයාට දෙතුන් වතාවක්ම දුරකථන ඇමතුම් දෙමින් මෙවැනි හමුවක අවශ්‍යතාවය පැහැදිලිකර තිබිණ.

ඒ අනුව, මෙවැනි පක්ෂ නායක රැස්වීමක් ඉකුත් සෙනසුරාද (21) වනදා පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ  සැලසුම් කර තිබූ නමුත් හදිසියේම ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බැවින් එය හෙට (24) ට යොදාගෙන තිබේ.

 ගෝලීය වසංගතයක අනතුර ලංකාවට ද දැඩිව බලපා ඇති මෙවැනි මොහොතක සර්ව පාක්ෂික හමුවක් නොකැඳවා ජනාධිපතිවරයා විසින් හමුදාවේ හා ඔහුට හිතවත් වෛද්‍ය විශේෂඥයින් පිරිසකගේ කමිටුවක් හරහා තනිවම කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව කණගාටුවෙන් යුතුව අදහස් දක්වා තිබිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්