තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගත්තේ නැත්නම්  මේ ව්‍යසනයෙන් ගැලවීමට පුළුවන් කමක් නැතැයි ප්‍රවීන ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී පවසයි.


සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් ඇය එබව සඳහන් කර තිබේ.

ඇය තවදුරටත් මෙසේද පවසන්නීය.

''ඔබත් ඇතුලු සියලු දෙනාම සියලු මනුෂ්‍ය වර්ගයාම ලෝකවාසී සියලු දෙනාම මේ එකම ප්‍රශ්නයට ගොදුරුවෙලා එකම පීඩනයට පත්වෙලා ඉන්න මේ වෙලාවේ, මේ ව්‍යසනයෙන් ගොඩ එන්න නම් අපි වගේ දුප්පත් රටකට හරිම අමාරුයි. ඒ නිසා අපි මේ ඉන්න මානසික මට්ටම වෙනස් විය යුතුයි කියලා මම හිතනවා. 

මොකද තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගත්තේ නැත්නම් මේ තරම් මාධ්‍ය තුලින් කියද්දිත් කොහොමද තමන්ගේ ආරක්ෂාව සපයාගන්න ඕනේ  කියන එක,  ඒක ඒ විදිහට පිළිපැද්දේ නැත්නම් අපිට මේ ව්‍යසනයෙන් ගැලවෙන්නට හම්බවෙන්නේ නැහැ. 

තව ලක්ෂ ගාණක් දහස් ගාණක් ජීවිත නැති කරගෙන තමයි ඒක හිතන්න වෙන්නේ. ඒ නිසා මේක හමුදාවකට පමණක් රජයකට පමණක් මේ වෙනුවෙන් තනිවම වැඩ කරන්න බැහැ. ඔවුන්ගේ විතරක් නොවෙයි මේක අපේ වගකීමක් තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න එක. 


 ''මේක හමුදාවකට පමණක් රජයකට පමණක් මේ වෙනුවෙන් තනිවම වැඩ කරන්න බැහැ. ඔවුන්ගේ විතරක් නොවෙයි මේක අපේ වගකීමක් තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න එක. ''


මම දන්නවා මේ වෙනකොට බොහෝ දෙනක් මේක සමච්චලයකට විහිලුවකට අරන් තියෙන අවස්ථාවක්. මම ඒවා දකිනවා, දැකලා තියෙනවා. මාධ්‍ය තුලින් දකිනවා. නමුත්  එහෙම වෙන්න එපා. මේක එහෙම විනෝද වෙන්න පුලුවන් කාලයක් නොවයි. විනෝද වෙන්න පුලුවන් මේක සම්පූර්ණයෙන් තුරන් වුණ දවසට.

''නැතිබැරි අයට අපි උදව් කරමු මේ වෙලාවේ''

 ජීවිත දහස් ගාණක් බිලි අරන් තමයි මේක නවතින්නේ. අපේ ජීවිතවල වටිනා කම අපිට එතකොට දැනෙයි. සියලු ධර්මයන් යටත් ස්වභාවධර්මයාට. මම ඒ ගණුදෙනුව ස්වභාවධර්මයාත් එක්ක කරනවා. මම ඇතුලු ඔබ ඇතුලු ඔබේ පවුල සහ තමන් ඇති කරන සතා සිවුපාවා පවා මේ වෙලාවේ ආරක්ෂා කරන්න. 

මේවා අපි භාරගමු තමතමන් අපිට මේ ව්‍යසනයෙන් ගොඩ එන්නට නම්. නැතිබැරි අයට අපි උදව් කරමු මේ වෙලාවේ. අපිට ගොඩ දේවල් ඕනේ නැහැ. අපිට එක වේලක් කාලා හරි ජීවත් වෙන්න පුලුවන්. දැන් අපි කරන්න ඕනේ මේකෙන් ගොඩ එන එක. ජේසු පිහිටයි ඔබ සැමට.''

VIDEO 


සබැඳි වීඩියෝ :

#fightcorona : '' අපි මනුස්සයන් විදියට අපි ඉතාම සැලකිල්ලෙන් වගකීමෙන් ගත කළ යුතු කාලයක්''  - සංගීත ශිල්පි මිහිඳු ආරියරත්න

#fightcorona : 'කොරෝනා තමන්ගේ ගෙදරට එන එක වලක්වා ගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න'' - මාධ්‍යවේදිනී තේජා කටුගම්පල (VIDEO)

#fightcorona: ''අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන කාලයක්'' - රංගන ශිල්පී රුක්මල් නිරෝෂ් ඔස්ට්‍රේලියාවේ සිට.. (VIDEO) 

#fightcorona: ''අනිත් අය වෙනුවෙන් ඔබ පරිස්සම් වෙන්න'' -කිංස්ලි රත්නායක  

#fightcorona:  ''ජිවිත අනතුරක, සෞඛ්‍ය අංශ දෙන උපදෙස් සියයට සීයක්ම පිළිපදින්න'' - කිෂූ ගෝමස් (VIDEO)

#fightcorona  :පවුලට ළංවී කොරෝනා පරදමු -නාරද බක්මීවැව (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්