කොරෝනා වෛරසයට එරෙහිව දිවා රාත්‍රී වෙහෙසී කටයුතු කරන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සේවකයින්ට සිය නිවෙස් සඳහා

බදු බාහිරාදිය හා ආහාර පානාදිය ලබාගැනීම සඳහා වෙළඳසැල් කිහිපයක් පැය 24 පුරා විවෘතව තැබීමට ජනාධිපති කාර්යාලය විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව, කොළඹ නොරිස් කැනල්, වෝඩ් ප්ලේස්, ගාල්ල, මිගමුව, පානදුර, ත්‍රීකුණාමලය, බදුල්ල, අනුරාධපුරය, ගම්පහ, කටුකුරුන්ද, කොහුවල, කුරුණෑගල,  රත්නපුර, වව්නියා, කරාපිටිය, යාපනය, නුවර, කටුගස්තොට හා මාතර ආදී නගර වල රෝහල් ආශ්‍රිත Food City වෙළඳසැල් (outlet) කිහිපයක් රෝහල් කාර්ය මණ්ඩල වෙනුවෙන් ම සේවා සපයනු ලැබේ.

එහිදී වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අනෙකුත් රෝහල් සේවකයන්ට තම හැදුනුම් පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කර තමන්ට ලඟම Food City යෙන් අවශ්‍ය භාන්ඩ ලබාගත හැක.

අද දිනයේ ඇඳිරි නීතිය ඉවත්කළ මොහොතේ රජයේ කාර්ය මණ්ඩල දිගු පෝලිම් වල සිටින ආකාරය දැකගත හැකිවූ අතර ඔවුන් සම්බන්ධයෙන් විශේෂ සහනයක් ලබාදෙන්නැයි බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ රජයෙන් ඉල්ලීම් කර තිබිණ.

Image may contain: one or more people and outdoor

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්