යාපනය වැල්වටතුරේ පොලිකන්ඩී ප්‍රදේශයේ ධීවරයන් විශාල ප්‍රමාණයක් ධිවර කර්මාන්තයේ නියැලුන ද ධීවර බෝට්ටු නැංගූරම් පොළක්

නොමැති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

බොහෝ අවස්ථාවල දී මෙම ස්ථානයේ ගැඹුර සකස් කර ධීවර බෝට්ටු නංගූරම් කිරීමට හැකි ලෙස සකස් කරන ලෙස පොරොන්දු වී ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

බැවින් මේ සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරයාගේ අවධානය යොමු කර එම කටයුතු කඩිනම් සිදු කර දෙන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

එසේම 2017 අංක 11 දරන ධීවර ජලජ ජීවී සම්පත් පනත මඟින් සාගර පතුල දිගේ මා දැල් ඇදගෙන යමින් සිදු කරන මත්ස්‍ය කර්මාන්තය (bottom trawling) තහනම් කර ඇති නමුත් රටේ සෙසු ප්‍රදේශවල bottom trawling නතර කරන්න කටයුතු කළත් යාපනයේ මෙය ක්‍රියාත්මක වන බවත් ධීවර දෙපාර්තමේන්තුවට සහ අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්නත් විසඳුමක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

එසේම යාපනයේ bottom trawling සඳහා ඉඩකඩ ලබා දී ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ගැන ධීවර නිලධාරීන් නිහඩව සිටින්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් එවැනි අනුමැතියක් ලබා දී ඇත්නම් එය ධීවර පනත උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 
(චතුරංග මේදිස්)
 

 
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image