ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘභූමියත්, ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය

එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ කටයුතු කළ යුතු බවද පසුගිය දිනවල දිගින් දිගටම ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, ව්‍යපාරික ප්‍රජාව ඇතුළු අංශ ගණනාවක් මෙහි වැදගත්කම පෙන්වා දුන් බවද හිටපු කථානායක කරු ජයසුරිය පවසයි.

පළමු ශ්‍රී ලාංකික කොවිඩ් - 19 රෝගියා හඳුනාගත් අවස්ථාවේ මෙන්ම ඉන්පසුවත් තමා සියලු පක්ෂ කැඳවා සාකච්ජා කිරිමේ වැදගත්කම අවධාරණය කළේ එවන් වු ජාතික එකඟතාවයකින් පවතින තත්වයට මුහුණදෙනු මිස ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත යන අදහසින් බවද  කරු ජයසුරිය  කියා සිටියි.

 

අගමැති ගත්තේ වැදගත් ප්‍රවේශයක් !

අද (24) දින අගමැතිවරයා විසින් අරලියගහ මැදුරේදී සියලු පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කීරිම ඒ සඳහා  වැදගත් ප්‍රවේශයක් වනු ඇති බවද කරු ජයසුරිය සඳහන් කරයි.

මහජන නියෝජිතයන්ට මෙවන් අවස්ථාවකදී ස්වකීය ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කීරිමට ඇති යුතුකම හා අයිතිවාසික එවන් ප්‍රවේශයකින් තහවුරු වන බවද හිටපු කථානායකවරයා පෙන්වා දෙයි.

අද දින  පෙරවරුවේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේදී  විශේෂයෙන් මාතෘභූමියත් ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබමින් කැපවන සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, ඇතුළු සියලු අංශවලට ගෞරව ප්‍රණාමය හිමිවිය යුතු යැ’යිද හිටපු කථානායකවරයා සඳහන් කර තිබේ.

 

අවධානයට ලක්විය යුතු මුලික කරුණු කිහිපයක් !

පක්ෂ නායක රැස්වීම වෙත කරු ජයසුරිය විසින් පහත සඳහන් කරුණු විශේෂයෙන් පෙන්වා දී තිබේ.

  1. දිනපතා වැඩිවන රෝගීන් සංඛ්‍යාව පාලනය කිරිම සඳහා මේ වන විට ගෙන ඇති සියළු ක්‍රියාමාර්ග පසු විපරම් කිරිම සහ ලෝක ආදර්ශ අනුව ගත හැකි නව ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කීරිම.

  2. අතිශයින්ම සංවේදී මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා දෛනිකව උපයන ආදායමෙන් සිය දරු පවුල් නඩත්තු කරන මිලියන 08 කට ආසන්න ජනතාව කෙරෙහි අවධානය යොමුකර ඔවුනට සහන සැලසීම.

මෙවැනි පිරිස්වලට දියුණු රටවල් මේ වන විට දෛනික ආදායමට සමාන මූල්‍යාධාර ලබාදී ඇති නමුත් අප රටේ පවතින තත්වයට සාපේක්ෂ ලෙස අවම වශයෙන් ඔවුනට සහන ආහාර මල්ලක් ලබාදීම ගැන අවධානය යොමු කිරිම වැදගත්ය. මේ වන විටත් ත්‍රිරෝද රථ රියදුරන්, කම්කරුවන්, ලොතරැයි වෙලඳුන් හා  වෙනත් සුළු ස්වයං රැකියාවල නිරත වන්නන් විශාල පීඩනයකට මුහුණදෙමින් සිටියි.

  1. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වාදෙන පරිදි සම්පුර්ණයෙන්ම පිටුදැකීමට වසරක් ඉක්මවන කාලයක් ගතවිය හැකි මෙම වසංගත තත්වය හමුවේ  සංවර්ධිත රටවල මෙන් නොව අඩු ආදායම් ලබන රටක් ලෙස අප රටේ ආර්ථිකයට එල්ල වන බලපෑම දිගු කලක් පැවතිය හැකි බැවින් පෞද්ගලික අංශයද විශාල දායකත්වයක් දරණ  අපනයන, සංචාරක වැනි ක්ෂේත්‍ර රැකගැනීමට සැලස්මක් සකස් කීරිම.

  2. මැතිවරණයකට වඩා ජනතාව ජීවත් කරවීම වැදගත් වන බව දැඩිව අවධාරණය කළ යුතුය. නමුත් මහ මැතිවරණය සඳහා  නාම යෝජනා ලබාදී ඇති බැවින් මීළඟ පියවර කුමක්ද යන්න පිළිබඳ  සියලු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීය යුතු වේ.

සමගියෙන් හා අවබෝධයෙන් යුතුව එකම ජාතියක් ලෙස කැපවීම තුළින් ශ්‍රී ලංකාවට මෙම අභියෝගය සාර්ථකව ජය ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළ කරු ජයසුරිය සියලු පක්ෂයන්හි අදහස් විමසීම සඳහා වු සාකච්ඡාවක් කැඳවීම පිළිබඳව අගමැතිවරයාටත්, ඒ සඳහා සහභාගී වු සියලු පක්ෂ නියෝජිතයන්ටත් සිය කෘතඥතාවය පළ කර සිටියි.

සබැඳි පුවත් : අගමැති මහින්ද, කරු ජයසුරියගේ ඉල්ලීම මත පක්ෂ නායකයින් කැඳවයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්