වෛද්‍ය පර්යේෂකයන් සඳහා අවශ්‍ය වී තිබෙන මුව වැසුම් මහජනතාව විසින් අනවශ්‍ය ලෙස පාවිච්චියට ගැනීම නිසා

කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගැනීමේ කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.  

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දෙන පරිදි රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කරන වෛද්‍යවරුන්ට මුඛ ආවරණ හිඟවීම එම අවදානමට හේතුවයි.

වෛද්‍ය පරීක්ෂණ වල නිරත වෘත්තිකයන්ට අවශ්‍ය විශේෂිත N95 ශල්‍ය මුඛ ආවරණ (Surgical Masks) පොදු මහජනතාව විසින් අයුතු ලෙස භාවිතයට ගැනීම හේතුවෙන් පරීක්ෂණ සඳහා අවශ්‍ය මුඛ ආවරණ වල හිඟයක් මෙරට තුළ හිගයක් පවතින බවට ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥවරියක් අනතුරු අඟවයි.

කොරෝනා වෛරසය හදුනාගැනීමේ පරීක්ෂණ මේ වන විට විද්‍යාගාර තුළ සිදු කරන බව පෙන්වා දෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය නීලිකා මලවිගේ වැඩි දුරටත් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව මේ වන විට  මුළු ලෝකයේම ඇති වී තිබෙන ගැටළුවක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝවක් මගින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  මහාචාර්යවරිය එම අනතුරු ඇඟවීම කර  තිබේ.

රට තුළ N95 ශල්‍ය මුඛ ආවරණ නොමැති වුවහොත් කොරෝනා වෛරස් ආසාදිතයන් සම්බන්ධයෙන් සිදු කරන  පරීක්ෂණ  නවත්වන්නට සිදු වන බව පෙන්වා දෙන මහාචාර්යවරිය වැඩි දුරටත් අවධාරණය කරන්නේ එය රටේ සියලු දෙනාට අහිතකර ලෙස  බලපෑමක් ඇති කරන බවයි.

එවැනි තත්වයක් තුළ අනවශ්‍ය ලෙස N95 ඇතුළු අනෙකුත් මුඛ ආවරණ භාවිත නොකරන ලෙස ඇය ශ්‍රී ලාංකිකයන්ගෙන්  වැඩි දුරටත් ඉල්ලා සිටී.

 

මුව වැසුම් කුමටද?

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගියදා නිකුත්කළ නිවේදනයක සදහන්ව තිබුනේ දැනට ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ වෙළෙඳසල්, බැංකු සහ සමහර රාජ්‍ය ආයතන මුඛ ආවරණයක් නොමැතිව මහජනතාව තම පරිශ්‍ර තුළට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය ප්‍රජාව තුළ සක්‍රියව පැතිරීමක් සිදු නොවන නිසා මෙලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම නිර්දේශ කළ නොහැකි බවයි.

නමුත් කෙනෙකු මුඛ ආවරණයක් පැළඳීමට තීරණය කළහොත් එම තීරණය තමා සතු වන අතර එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේද වලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා එහිදී පෙන්වා දී තිබුනි.

මුඛ ආවරණ මගින් පැළඳ සිටින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබීමට වඩා පැළඳ සිටින පුද්ගලයා ගෙන් පරිබාහිර අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙම මුඛ ආවරණ වැදගත් වන බැවින්  උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයකු හෝ රෝගය වැළඳීමට දැඩි අවදානම් සහිත තත්වයකට ලක් වූ අයකු නම් පමණක් මෙවැනි මුඛ වරණයක් පැළඳීම යෝග්‍ය වන බවට එහි ‌යෝජනා කර තිබුනි.

සබැඳි පුවත් :

මුඛවැස්මක් නොදා ඉන්න එක දානවට වඩා හොඳයි කියන්නේ ඇයි? - විද්‍යාත්මක විග්‍රහයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්