චීනයට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකිවුයේ, පිළිපැදිය යූතු උපදෙස් පොදුවේ රජය විසින් සමාජයට මුදා හැරී විට

හැම පුරවැසියෙක්ම ඒවා පිළිපැදීමට නීතිගරුක වු නිසා බව චීනයේ බිජිං නුවර සිටින සුනේත්‍රා කුමාරි පවසන්නීය.

''චීනයේ විශාල භූමියේ තුල හැහෝම එහා කොනේම ඉන්න පුද්ගලයගේ පටන් ආරක්ෂාකාරී වෙන්නට පුරුදු වුනා.'' ඇය කියා සිටියි.

'චයිනා රේඩියෝ' හි මාධ්‍යවේදිනියක වන සුනේත්‍රා කුමාරි එබව පවසන්නේ, සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි.

ඇය තවදුරටත් මෙසේද පවසන්නීය.

 

''චීනයේ හැමෝම ආරක්ෂාකාරී වෙන්නට පුරුදු වුනා. ..''

''මම චීනේ ඉන්නනේ මේ දවල්වල. නමුත් ඔබ ලංකාවේ හිටියත් මම චීනේ හිටියත් දෙපාර්ශවයම මේ මොහොතේ එකම අත්දැකීමකට එකම මොහොතක මුහුණ දී සිටිනවා.

 කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයේ ජනවාරි මාසයේ ඉඳන් ඔබට කලින් අපි මේ අත්දැකීමට මුහුණ දෙන්නට පුරුදු වුනා.

විශේෂයෙන්ම පවසන්න ඕනේ මේ රටේ ජනතාව ජාතික ප්‍රතිපත්තිවලට අවනත වුණා. මේ අවස්ථාවේ පිළිපැදිය යූතු උපදෙස් පොදුවේ සමාජයට මුදා හැරියහම හැම පුරවැසියෙක්ම ඒවා පිළිපදින්නට නීතිගරුක වුණා. පිළිපදින්නට වුණා කිව්වොත් හරි. හැම පුද්ගලයෙක් තුලම ඒ ස්වයං පාලනයක් තිබුනා.

වූහෑන් නගරය තමයි වැඩිම අවධානමට ලක්වුනු ප්‍රදේශය. නමුත් එය අගුලු දෑමෙන් පසුව කිලෝමීටර් 1159 දුරින් ඉන්නේ අපි බීජිංවල.  නමුත් ඒ කිලෝමීටර් ගණනේ දුර නිසා කෙනෙකුට හිතෙන්නට පුලුවන් අපිට මේ වෛරසය ව්‍යාප්ත වෙනවද අවශ්‍යද මේක පාලනය වෙන්නට කියන එක.

එහෙම හිතුවේ නැහැ මේ චීනයේ විශාල භූමියේ තුල හැහෝම එහා කොනේම ඉන්න පුද්ගලයගේ පටන් ආරක්ෂාකාරී වෙන්නට පුරුදු වුනා.  අපි සැතපුම් ගානක් දුරින් හිටියත් මේ අත්දැකීම එකට බෙදා හදා ගන්නවා එකට විඳවනවා මේ දවස්වල. ඒ නිසා අපි පරිස්සම් වෙමු.

 අපේ ආදරනීයන් වෙනුවෙන් අපි හෙට දවසේ ජීවත් වෙන්න ඕනේ නම්, අපි අකාලයේ ජීවිතවලින් සමුගන්න ඕනේ නැත්නම් අපි පරිස්සම් වෙමු. අපි පරිස්සම් වෙන ගමන් අපි අනෙකාව පරිස්සම් කරමු.

''විශ්වාසය තියනවා ලංකාවට මේ උවදුරෙන් ඉතාමත් ඉක්මනට ගැලවෙන්නට පුලුවන් කියලා. හැබැයි ඒ ඔබේ සහය දැවුවොත් පමණයි. ඔබ සහය නොදැක්වුවොත් කිසිදු ජාතික ප්‍රතිපත්තියකට කිසිදු වෛද්‍ය කාර්යංශයකට මෙයින් මිදෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ''

විශ්වාසය තියනවා ලංකාවට මේ උවදුරෙන් ඉතාමත් ඉක්මනට ගැලවෙන්නට පුලුවන් කියලා. හැබැයි ඒ ඔබේ සහය දැවුවොත් පමණයි. ඔබ සහය නොදැක්වුවොත් කිසිදු ජාතික ප්‍රතිපත්තියකට කිසිදු වෛද්‍ය කාර්යංශයකට මෙයින් මිදෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ එකට ජයගමු අපි මොන රටක හිටියත්.

අපේ අදාරණීයයන් වෙනුවෙන් පරිස්සම් වෙන්න සෞඛ්‍ය කාර්යංශ කියන දේ හරි විදියට පිළිපදින්න ජාතික වැඩ පිළිවෙලට පක්ෂ පාටවලින් තොරව එකතුවෙලා ඒ දේවල් පිළිපදිමු අපි මේක ජය ගමු. ජයවේවා.''

 

සබැඳි වීඩියෝ :

#fightcorona :  'නොසැලකිල්ල නිසා ඉතාලියේ වෙනදේ පේනවා නේද ? අපි නිවසේ ඉදන් වැඩකරමු'   - ජයශ්‍රී සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී රෝහිත ජයලත්

#fightcorona : ''මේ ව්‍යසනයෙන් ගැලවීමේ වගකීම ඔබ අතේ'' - නිරෝෂා විරාජිනී (VIDEO) 

#fightcorona : '' අපි මනුස්සයන් විදියට අපි ඉතාම සැලකිල්ලෙන් වගකීමෙන් ගත කළ යුතු කාලයක්''  - සංගීත ශිල්පි මිහිඳු ආරියරත්න 

#fightcorona : 'කොරෝනා තමන්ගේ ගෙදරට එන එක වලක්වා ගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න'' - මාධ්‍යවේදිනී තේජා කටුගම්පල (VIDEO) 

#fightcorona: ''අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන කාලයක්'' - රංගන ශිල්පී රුක්මල් නිරෝෂ් ඔස්ට්‍රේලියාවේ සිට.. (VIDEO) 

#fightcorona: ''අනිත් අය වෙනුවෙන් ඔබ පරිස්සම් වෙන්න'' -කිංස්ලි රත්නායක  

#fightcorona:  ''ජිවිත අනතුරක, සෞඛ්‍ය අංශ දෙන උපදෙස් සියයට සීයක්ම පිළිපදින්න'' - කිෂූ ගෝමස් (VIDEO) 

#fightcorona  :පවුලට ළංවී කොරෝනා පරදමු -නාරද බක්මීවැව (VIDEO) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්