ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී

සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබේ.

ජනාධිපති ‍මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ බලකායේ සභාපති ධූරයටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා ලේකම් ධූරයටත් පත් කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ රැසක ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ අධිකාරි රැසක සභාපතිවරු, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු 40 දෙනෙක් එහි සාමාජිකයෝ වෙති.

ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් කාර්ය සාධක බලකායට පැවරෙන බලතල සහ කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබේ.

PMD letter1

PMD letter2


අවවාදයයි :

ඔබ අසනීපයෙන් නම් නිවසේම රැඳී සිටින්න.
ඔබට උණක්, කැස්සක්, හුස්ම ගැනීමේ අපහසුවක් තියනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න,
කල් ඇතිව දැනුම්දෙන්න.
ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධිකාරියේ උපදෙස් පිළිපදින්න.

ඇයි? ඔබේ ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය ගැන
කාලීන තොරතුරු ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ
සෞඛ්‍ය අංශ සතුව පවතිනවා.
කල් තියා දැනුම් දීමෙන් සෞඛ්‍ය අංශයේ අයට ඔබව  
ඔබේ අවශ්‍යතාවට ගැලපෙන සායනයක් වෙත යොමු කරන්න පුළුවන්.
මෙයින් වෛරස් සහ අනෙකුත් ආසාදන ව්‍යාප්ත වීම වලක්වාගන්නත් පුළුවන්.

(ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය ආශ්‍රයෙන් තතු කණ්ඩායම)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්