බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට කොවිඩ් -19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව අගමැති නිල නිවස පවසයි.

අගමැතිවරයා මඳ රෝගී ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔහු තම නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වී සිටී.

එම නිවේදනයේ දැක්වෙන්නේ "එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ගේ පෞද්ගලික උපදේශය මත" අගමැතිවරයා කොරෝනාවෛරසය සඳහා පරීක්ෂාවට ලක් වූ බවය.

ඔහු තවදුරටත් ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් සහ කොරෝනාවෛරස් අර්බුදය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.
 

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්