කොළඹ රතුපල්ලියේ පැවැති දේව මෙහෙයකට සහභාගී පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට පල වී ඇති  වාර්තා

එම පල්ලියේ පිරිසක් ප්‍රතික්ෂේප කර සිටින නමුත්, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ පසුගිය 13වනදා කොරෝනා ආසාදනය වු රෝගීයෙකු අදාල දේව මෙහෙය සඳහා සහභාගි වී ඇති බවයි.

ඊයේ (27) පෙරවරුවේ පැවති 'අද දෙරණ බිග් ෆෝකස්' සංවාදයට සහභාගි වෙමින් ඔහු එබව තහවුරු කළේය.

කොරොනා වෛරසය ආසාදනය වු එකම පවුලේ පියෙකු සහ පුතෙකු සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් පුත්‍රයා තමන් එදින රතු පල්ලියේ දේව මෙහෙය සඳහා සහභාගි වු බව පිලි ගන්නා බවත් ආරක්ෂක ලේකම්වරයා එහිදී පැවසීය.

එම නිසා මෙම මොහොතෙදි ඇති වී තිබෙන ව්‍යවසනය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදාල දිනයේ රතු පල්ලියේ දෙවමෙහෙය සඳහා සහභාගි වු පිරිස ස්වං නිරෝධායනයට ලක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙම කරුණු සියල්ල රාජ්‍ය බුද්ධි අංශ යොදවා තහවුරුකර ගත් කරුණු බවද ඔහු අවධාරණය කර සිටියේය.

 

කොවිඩ් සමග ගැවසුණ 19,000 ක් ගැන වෛද්‍ය සංගමය සෙවිල්ලෙන් !

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ, දැනට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරමින් සිටින බවයි.

පවතින දත්ත සැලකිල්ලට ගත් විට මාර්තු 25 සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කාලයේදී රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවට එම සංගමය අනතුරු අඟවා සිටියි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි බෝවන රෝගයක තුන්වන අවස්ථාව ලෙස හඳුන්වන තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවද එම සංගමය පවසයි. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් ජනතාව නිවාසවල රඳවා සිදු කරන දුරස්ථකරණය බිඳ වැටෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

 

##############################################

අවධානය:

මෑත කාලයේදී COVID-19 මහා පරිමාණයෙන් හෝ වැඩි වශයෙන්
වාර්තා වුණු ප්‍රදේශ ගැන අවධානයෙන් සිටින්න.
හැකිනම් ඒ ප්‍රදේශවලට සංචාරය කිරීමෙන් වළකින්න
ඔබ වයෝවෘද පුද්ගලයෙක් නම්,
දියවැඩියාවෙන්, හෘද රෝගයකින් හෝ පෙනහළු ආශ්‍රිත ආසාදනයකින් පෙළෙන කෙනෙක් නම් ඒ උපදෙස ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

ඇයි?
ඒ ප්‍රදේශවලදී ඔබට කොරෝනා ආසාදනය වැළඳීමේ
වැඩි අවදානමක් පවතිනවා.

දැනට කොරෝනා ආසාදනය පැතිරෙන ප්‍රදේශයක සිටින හෝ
පසුගිය දින 14 ඇතුළත එවැනි ප්‍රදේශයක සංචාරය කළ අය
වෛද්‍ය උපදෙස් මාලාව පිළිපදින්න.

(ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය ආශ්‍රයෙන් තතු කණ්ඩායම)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්