කොරෝනා අර්බුදය හමුවේ මෙතෙක් දිනක් වසන්වෙමින් සිටි මුරුත්තේටුවේ ආනන්ද හිමියන්, මාධ්‍යය හමුවේ  ප්‍රකාශයක් කරමින් කේවට්ටයන් ගෙන් ප්‍රවේශම්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය සංදර්ශන වලට කොරෝනා සුවපත් කල නොහැකි බව එහිදී උන්වහන්න්සේ පැවසුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ට හා සෞඛ්‍ය අංශයේ බලධාරීන්ට ද දෝෂාරෝපණ කරමිනි.

උන්වහන්සේ එහිදී මෙසේ පැවසුහ. 

''අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ බොහෝම අවාසනාවන්ත තත්වයක තිබියදී. එතුමා රට භාරගෙන වැඩ කරගෙන යන අතර එතුමාටත් ඇති වෙච්ච විවසනය තමයි මේ වසංගත රෝග ලංකාවට බෝ වීම. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ආරක්ෂා කරන්නට එතුමා දිවා රාත්‍රී කටයුතු කර මහන්සි වුණත්. එතුමාගේ අනුගාමිකයෝ කොරෝනා හැදිච්ච ලෙඩ්ඩු වගේ. මම හිතනවා ඒ උදවිය තම තමන්ගේ නිවෙස් වලට වෙලා. මේ ගැන හොයා බලන්නේ නැති බවක් පේනවා.  

''රටේ රජ්ජුරුවෝ රටේ නායකයා මොන තරම් මහන්සි ගත්තත් ඔහුගේ ඇමතිවරුන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය උන්නදුවක් නොදැක්වුවහොත් රජ්ජුරුවෝ කරන දෙයින් වැඩක් වෙන්නේ නැති බවයි පෙනෙන්නේ.''

රටේ රජ්ජුරුවෝ රටේ නායකයා මොන තරම් මහන්සි ගත්තත් මේක තුරන් කරන්නට ජනතාව රකින්නට ආශීර්වාදය ලබා දෙන්න මොන තරම් මහන්සි ගත්තත් ඔහුගේ ඇමතිවරුන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය උන්නදුවක් නොදැක්වුවහොත් රජ්ජුරුවෝ කරන දෙයින් වැඩක් වෙන්නේ නැති බවයි පෙනෙන්නේ. 

අපි අන්න ඒ නිසා ජනාධිපතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමා රටේ ජනතාව ආරක්ෂා කරන්නට රටේ ජනතාව රකින්නට, රටේ ජනතාව කුසගින්නේ නොතබා ඒක වේලක් හරි කන්න දෙන්න ඕනේ කියන සංකල්පය ඇති කරගෙන ක්‍රියා කරත්, මම හිතනවා ඒක අනුගාමිකයන්ගෙන් හරියට වෙන්නේ නැහැ කියලා තමයි අපිට පෙනී යන්නේ. 

''අනුගාමිකයන්ගෙන් හරියට වැඩක් වෙන්නේ නැහැ...''

මේ විවසනය උඩ චෝදනා කරනවාත් වගකීම් කතා කරනවාත් නෙවෙයි ජනතාවගේ මැසිවිලි වලින් අපිට පේන දේ තමයි අපි කියන්නේ.  මේ රටේ ජනතාව කියන දේවල් අපට ඇහෙනවා.

ජනාධිපතිවරණයේදී මහා සඟරුවන පෙරමුණ අරගෙන ක්‍රියා කරත්, මේ විවසනයේදී මහා සඟරුවන පෙරමුණ ගත්තේ නැහැ කියලා කියන අයත් ඉන්නවා. ඒවා අපිටත් ඇහෙනවා. නමුත් මම කියනවා මහා සඟරුවන කවදාවත් නිහඬ වන පිරිසක් නෙවෙයි. 

පසුගිය දවස්වල ඇතිවෙච්ච දේවල් නිසා මහා සඟරුවනත් තුෂ්ණිම්භූතව කලකිරීමට ලක්වෙච්ච නිසා කියලා මම හිතනවා එහෙම වුණේ.  

නමුත් 'පැවිදි සංවිධානය' විදියට අපි, රට ප්‍රපාතයට වැට්ච්ච මොහොතේ ඉඳලා රට ගොඩ නගන්නට රට ආරක්ෂා කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෑස් සවි කරන්නට කටයුතු කරා. 

මම විශේෂ ඉල්ලීමක් අපේ ජනාධිපතිතුමාට මතක් කරන්නට කැමති ඔබතුමාගේ වටේ ඉන්න පිරිසව අවදි කරලා ජනතාවගේ දුක සැප මීට වඩා සොයා බලලා ක්‍රියා කරන්නටයි කියලා ඔවුන්ට ඔබතුමා අවවාදයක් දෙනවානම් ඒක ජනතාවගේ ප්‍රසාදයට හේතුවක් වනවා නිසැකයි. 

සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය සංදර්ශන විතරයි....

''සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සමහරක් අය මාධ්‍ය සංදර්ශන කරනවා මිසක් මට පෙන්නේ නැහැ වෙන මොනවාද කරන්නේ කියලා. ''

සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සමහරක් අය මාධ්‍ය සංදර්ශන කරනවා මිසක් මට පෙන්නේ නැහැ වෙන මොනවාද කරන්නේ කියලා. 

ඒ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව තුල මාධ්‍ය සංදර්ශනවල ඉන්න නිලධාරීන්ටත් වෛද්‍යවරුන්ටත් අපි කියනවා මාධ්‍ය සංදර්ශනවලටත් වඩා ජනතාව ළඟට ගිහින් ජනතාවගේ දුක සැප සොයා බලනවානම් ඒකයි ජනතාවගේ ප්‍රසාදයට හේතු වන්නේ කියලා.  

එහෙම නැතුව මාධ්‍ය සංදර්ශන තියලා කොරෝනා නැති කරන්න් බැහැ. ඒවාට හරියට උපදෙස් දෙන්න ඕනේ. නමුත් ඒ සියලු උපදෙස් මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමා වි ඇති බවයි අපිට පෙනෙන්නේ.

 අපි මේ අඩුපාඩු පෙන්වන්නේ තරහකට නෙවෙයි මේවා හදා ගන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන්. 

 ''බඩු පන්සලට ගෙනත් දෙන්න''  

ඒක නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලන්නේ මේ සංකල්පය මේ වෙලාවේ ශක්තිමත් කරන්නට සියලු දෙනාම එකතු වී සැදී පැහැදීව ක්‍රියා කළොත් මම හිතනවා මේ වසංගතය තුරන් කරන්නට පුළුවන් කියන ඒක මේ අවස්ථාවේදි සිහිපත් කරමින්, අපේ පැවිදි සංවිධානය පිරිත් පැන් ඉහලා ඒ වගේම රටේ ජනතාවට ආශිර්වාද කරමින් ගම්නියම් ගොස් පුළුවන් විදියට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. 

 ඒකට පුලුවන් විදියට උපකාර කරන්න සහා ඒවාට අමුද්‍රව්‍ය සපයන්න පුළුවන් අය ඉන්නවානම් නාරහෙන්පිට අභයාරාම විහාරයට ලබා දුන්නොත් අපිට පුළුවන් ජනතාවට එය ලබා දෙන්නට. 

කොරෝනාවට බයේ ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්න එළියටවත් බහින්නේ නැති අපේ ඇමතිවරු දැන්වත් ගිහින් ජනතාව ගැන දුක සැප හොයලා ඔවුන්ගේ අඩුපාඩු සොයා බලන ලෙස මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. 

'කොරෝනාවට බයේ ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්න එළියටවත් බහින්නේ නැති අපේ ඇමතිවරු දැන්වත් ගිහින් ජනතාව ගැන දුක සැප හොයලා ඔවුන්ගේ අඩුපාඩු සොයා බලන ලෙස මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.'' 


මෙය ජාති ආගම් භේදයකින් තොරව අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් මම කියනවා ඔබතුමා වෛද්‍ය වෘත්තියෙන් බැහැරව වෛද්‍ය උපදෙස් දෙන්න යන්නේ නැතුව ඔබතුමාත් ජනතාවගේ පැත්ත අරගෙන උපදෙස් දීලා මේ කොරෝනා වසංගතය තුරන් කරන්නට සහායෝගය දෙන්න කියන එක.

ජනතාවගේ මැසිවලි ඒවාට හඬ නගන්න කවුරුත් නැති නිසා තමයි ජනතාවගේ පැත්ත අරගෙන මහා සංඝයා හඬ නගන්නට සුදානම් වෙන්නේ. 

''හෙද කාර්ය මණ්ඩලය බොහෝම අමාරු තත්වයකින්''

අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිවාඩු අවලංගු කරපු නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ගැටළු වලට පත්වෙලා තිබෙනවා. හෙද කාර්ය මණ්ඩලය අද බොහෝම අමාරු තත්වයකින් තමයි සේවය කරන්නේ.

 අඩුම තරමේ ඔවුන්ට බඩුවක් මුට්ටුවක් ගන්න බැරි තත්වයටයි පත්වෙලා තියෙන්නේ. 

නමුත් මේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් අකරුණාවෙන් යුතුව කටයුතු කරනවා. අපි ඒ නිසා සෞඛ්‍ය ඇමතිතුමියට කියනවා මාධ්‍ය හරහා කොරෝනා ගැන කතා කරනවා වගේම මේවා ගැනත් කතා කරලා සේවකයින් පත්වෙලා ඉන්න කම්කටුලු තත්වය ගැනත් දැනුවත් කරන්න කියලා මතක් කරනවා. 

''මේ අකරුණාවන්ත ක්‍රියා නිසා සමහර හෙදියෝ කියනවා අපිට රස්සා නැතිවුණත් කමක් නැහැ අපි දමලා ගහලා යනවා යන්න කියලා. ''

ඇත්ත වශයෙන්ම රෝහල් කිහිපයකම  වැඩ නොකර ඉන්න තීරණය කරත්, ඇත්ත වශයෙන්ම අපි අවවාද අනුශාසනා කරලා මේ වෙලාව සටන් කරන වෙලාවක් නෙවෙයි ජනතාව ආරක්ෂා කරන වෙලාවක් රට බේරා ගන්න වෙලාවක් ඒක නිසා ඒ ගැන මොන කරදර කම්කටුලු තිබුණත් රට වෙනුවෙන් වැඩ කරන්නයි කියලා මතක් කළා.

ඇත්තටම,  ඔවුන්ට එරෙහිව ආයතන ගනනාවත් කටයුතු කරනවා. එක පැත්තකින් කොළඹ ජාතික රෝහල ඒ වගේම රාගම රෝහල මීගමුව රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක් අද අකරුණාවෙන් හෙද පාලිකාවන් ක්‍රියා කරනවා.

ඔවුන්ගේ මේ අකරුණාවන්ත ක්‍රියා නිසා සමහර හෙදියෝ කියනවා අපිට රස්සා නැතිවුණත් කමක් නැහැ අපි දමලා ගහලා යනවා යන්න කියලා. 

මෙන්න මේ නිසා සෞඛ්‍ය ඇමතිතුමිටත් අධ්‍යක්ෂතුමාටත් ඉතාමත් කරුණාවෙන් කියනවා, මෙම තත්වයට පත්නොකර ඔහුන්ට නිදහසේ සතුටින් වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ඔවුන්ට ඇති කරන්නයි කියලා විශේෂ ඉල්ලීමක් කරනවා.''

වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්