මධ්‍යම පළාතේ පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා අකුරණ ප්‍රදේශයෙන් හමුවී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.

මොහු පසුගිය දිනවල ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර තොරතුරු වසන් කර එම ප්‍රදේශයේම රැදී සිට ඇති බව ද වාර්තාවේ.

වීඩියෝ

                                     
චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනයට යොමුවන ලෙස රජය ඉල්ලයි
ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසය වැලදුනු බවට අද දිනය තුළ හදුනාගත් ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව ඔහු සඳහන් කළේය.

මාර්තු 14 න් පසු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට ඔවුන්ගේ නේවාසික ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත දැනුම් දෙන ලෙස උපදෙස් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ යයි !

මේ අතර  අද (28) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 07 දෙනෙක් හමුව ඇත. ඒඅනුව, කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. 

මේ වන විට ඉන් පුද්ගලයින් 09 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් වල ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 104ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන 199කි.


################################

පූර්වාරක්ෂාව සලසා ගන්න !


මෙවැනි මහා වසංගතයකදී වාද විවාද වලට පැටලෙමින් හිතුවක්කාර නොහික්මුණු විලාසයෙන් හැසිරෙනවට වඩා තමන් ද ආරක්ෂාව සලසාගමින්, අනුන්ගේ ආරක්ෂාව ද සලසන අන්දමට ක්‍රියා කිරීම  යහපති. මෙය අදාල වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් නොවේ සැමටමය. අනෙක් අතට  රජයෙන්, සෞඛ්‍ය අංශවලින්, වෙනත් නිල මාර්ගවලින් දෙන උපදෙස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද නොවලහා අනුගමනය කළ යුතුය. නොහික්මුණු ගතියෙන් ක්‍රියා නොකළ යුත්තේ තරුණ පිරිස් පමණක් නොවේ!

(තතු කණ්ඩායමේ ආයාචනයක්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්