කොරෝනා ආසාදනය වී රෝහල්ගතව (Hounslow West Middlesex Hospital) සිටි ශ්‍රී ලාංකිකයකු අද (28) ලන්ඩන් නුවරදී මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 

එසේ මියගොස් ඇත්තේ, මහරගම වත්තේගෙදර පදිංචි ලක්ෂ්මන් විජේරත්න (ලකී ) නමැත්තෙකි.

දරුවන් තිදෙනෙකුගේ දයාබර පියකු වන ඔහු මියයනවිට වයස අවුරුදු 61කි.

එංගලන්තයේ ලන්ඩන් නුවර ෆෙල්තම් ප්‍රදේශයේ Hounslow, Feltham  හි පදිංචි සිටී ඔහු Covid 19 ආසාදිත වී දින ගනනක් රෝහල්ගත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) සවස ජිවිතක්ෂයට පත්ව තිබේ.

කොරෝනා වයිරස ආසාදනය වී විදේශ රටකදී මියගිය දෙවැනි ලාංකිකයා මෙම පුද්ගලයාය. පළමුවැන්නා ලෙස ස්විට්සර්ලන්තයේ ජීවත් වූ ලාංකිකයෙකු ඉකුත් 25 වැනිදා මරණයට පත්විය.


කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම


කොරෝනා වයිරසය ආසාදනය වී ස්විට්සර්ලන්තයේදී මියගිය ප්‍රථම ලාංකිකයාගේ දේහය පිළිබද අවසන් කටයුතු එරටදීම සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. loga

මෙම ලාංකිකයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සමග ස්විස් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇතැයිද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

යාපනයේ උපත ලද 59 නව හැවිරිදි ලෝගනාදන් සදාසිවම් නමැති මෙම පුද්ගලයා 25 අඟහරුවාදා මිය ගොස් ඇත්තේ රපෙස්වීල්-යෝනා නගරයේ ඔහු දිවි ගෙවු නිවසේදීය. ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකුද වේ.

මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බව සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .

මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයිද ස්විස් බලධාරීන් එහිදී දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය .ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

සබැඳි පුවත් :
ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකීක ලෝගනාදන් සදාසිවම් කොරෝනා ආසාදනයෙන් මරුට

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්