ශ්‍රී ලංකාවේ මිය ගිය ප්‍රථම කොරෝනා අසාදිතයාගේ දේහය පවුලේ අය සඳහා ලබා නොදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන පවසයි.

 වකුගඩු බද්ධ කළ දියවැඩියා රෝගියකු වන 65 හැවිරිදි මෙම පුද්ගලයා අගොඩ බෝ වන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.

ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය රෙගුලාසිවලට අනුකූලව සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මෙම පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අද (29) දිනයේ සිදු කෙරෙන බව වාර්තා වේ.

මුද්‍රා තබා ඇති එම දේහය පවුලේ ඥාතීන්ට පමණක් සුළු වේලාවක් බැලීම සඳහා අවසර හිමිවනු ඇත.

මෙලෙස මියගොස් තිබුණේ මෙරටින් හමුවූ සිව් වන කොරෝනා ආසාදිතයාය. ඔහු අවසන් වරට ජර්මනියේ සිට පැමිණි විදේශිකයන් පිරිසකට මාර්ගෝපදේශ සපයා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

අගමැති ගෙන් ඉල්ලීමක් !

නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී මියගිය පළමු පුද්ගලයාගේ දිවිබේරා ගැනීම සඳහා IDH රෝහලේ වෛද්‍යවරුන් ඇතුලූ කාර්යය මණ්ඩලය දැඩි ප්‍රයත්නයක් දැරූ බව අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියි.

එම උත්සහයන් ව්‍යාර්ථ වුණේ අදාළ පුද්ගලයා හට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබීම මෙන්ම ඔහු නිධන් ගත රෝගවලින් පෙළුනු නිසා බව අගමැතිවරයා කියා සිටියේ 'නෙත් නිවුස්' වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සලකා සිය නිවෙස් තුළ රැඳී සිටිමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙසයි අගමැතිවරයා, ජනතාවගෙන් යළි යළිත් ඉල්ලීමක් කළේය.

 

''පොලිතින් බැගය ඇතුලේ සිටින්නේ වෛරසය හමුවේ පරාජය වූවෙක් පමණයි.''

මේ අතර මෙම මරණය ගැන සිය FB පිටුවේ සටහනක් පළකර ඇති මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන පවසන්නේ, එකිනෙකා එකිනෙකාගේ ආරක්ෂාව ගැන හිතන මනුස්ස සමාජයකට පමණක් මෙම වෛරසය පරාජය කළ හැකි බවයි.

Subhash Weerathunga Jayawardena සටහන පහත පළවේ.

Image may contain: one or more people

 

''මේ ගහලා තියෙන ලේබලයේ ..සිංහලද දෙමළද මුස්ලිම්ද කියා නැත...පොලිතින් බැගය ඇතුලේ සිටින්නේ වෛරසය හමුවේ පරාජය වූවෙක් පමණකි..

වෛරසය පරදවන්න ඖෂධමය ප්‍රතිකර්ම නැත.. තමන් තුලම ගොඩනඟා ගත යුතු ශක්තිය අනුව ජීවත් වීම හෝ නොවීම තීරණය වේ...

ජාතිය ආගම හෝ වෙනත් කිසිදු තනතුරු තානාන්තරයකට හෝ වෙනයම් වෙනස් කමක හයිහත්තියෙන් චණ්ඩිකමෙන් වෛරසය හා ගැටෙන්නට නොහැකිය... ඒ සියල්ලෙහි පුස් බව ව්‍යාජ බව අසමත් බව දැන් ඔප්පු කෙරී හමාරය...

ඒත් තව අවස්ථාවක් මිනිසාට ඉතුරුව තිබේ. ඒ තමන් මනුස්සයකු ලෙස හිතන්න පටන් ගත්තොත් පමණය. අනෙකාද මනුස්සයකු ලෙස පිළිගත්තොත් පමණය...හැමොම එක වගේ මනුස්සයෝ කියා හිතන්න පටන් ගත්තොත් පමණය...

අනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ආරක්ෂා වෙන්න..තමන්ගේ ආරක්ෂාව ගැන අනෙකාද එසේ සිතා කටයුතු කරනු ඇත. එකිනෙකා එකිනෙකාගේ ආරක්ෂාව ගැන හිතන මනුස්ස සමාජයකට පමණක් වෛරසය පරාජය කළ හැක...''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්