සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදුකළේ යයි චෝදනා කරමින්,
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මාධ්‍යවේදී නුවන් නිරෝධ අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (28) රාත්‍රී 8.45ට පමණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගේ බිරිඳගේ සොයුරියගේ කුරුණෑගල උහුමීය ප්‍රදේශයේ නිවසේ සිටියදීය.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කරයි.
සැකකරුව අද(29) අළුත්කඩේ අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත වාර්තා කර ඇත.
හේතුව මොකක් ද ? 'ගේමක් ඉල්ලලා'
මේ සම්බන්ධයෙන් theleader.lk කළ සොයා බැලීමක දී වාර්තා වුයේ, ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක කොරෝනා ආසාදිත බිළිඳියක් සිටින බවට ඔහු විසින් සිය FB පිටුවේ කල සටහනක් සම්බන්ධයෙන් එම රෝහලේ බලධාරීන් විසින් කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි.
අදාළ සටහන පළවීමෙන් පසු එල්ලවී තිබු විරෝධය හමුවේ ඔහු සිය FB පිටුවේ මාර්තු 26 දා මෙවැනි සටහනක් පළකර තිබිණ.
'' .........එක සම්බන්ධයෙන් පළකල පෝස්ට් එකට ඒකේ මාර්කටින් ටීම් එකේ ෆේක් ෆ්‍රොපයිල් වලින් දිගට හරහට කමෙන්ට් කරනවා. ටීම් එකේ ඉන්න දන්න හදුනන කීප දෙනෙක්ම කෝලුත් කලා. මම දැම්මේ මම ගාව තියෙන ඩොකියුමන්ට් වලින් ටිකයි. ඒ නිසා මගේ ප්‍රොපයිල් එකේ කුණුහරුප පලන්නේ නැතිව ඔයාලා ගත්තා කියන ලීගල් ඇක්ෂන් එක ඉක්මන් කරන්න. මම කලේ ඔයාලගේ සල්ලි වලින් යට කරන්න හැදුව දෙයක් සමාජ ගත කිරීමයි. එන්න අපි නීතිය ඉදිරියේ හමුවෙමු. ''
මාධ්‍යවේදියකු ලෙස ශ්‍රී ලංකා ජාතික රුපවහිනියේත් පුවත්පත් කිහිපයකත් සේවයකර ඇති නුවන් නිරෝධ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සමාජ මාධ්‍ය අංශයේ සේවය කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ වත්මන් ආණ්ඩුව හා එහි ප්‍රධානින් දැඩි ලෙස විවේචනය කරන්නකු ලෙස ඔහු ප්‍රසිද්ධියක් උසුලයි.
Nuwan Nirodha ගේ කතාවෙන් පාඩමක් ඉගෙන ගමු!
නුවන් නිරෝධ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මෙවැනි සටහනක් පළකර තිබේ.
''නුවන් කියන්නේ මම අවුරුදු 5ක් විතර කාලයක් දන්නා සමාජ මාධ්‍ය ක්‍රියා කරුවෙක්. ඊයේ හවස කුරුණෑගලදී පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන. ඒ ඔහු ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා xxxxxxxxx රෝහල ආශ්‍රිතව කොරෝනා රෝගය වැළදුණු බිලිඳියක් සොයා ගැනුනා කියලා කරපු තහවුරු නොකරන ලද පුවතක් නිසයි.
ඔහු ඒ පුවත නිකුත් කරන දිනේ ලංකාව තුල එකදු කොරෝනා රෝගියෙක් හදුනා නොගත් දිනයක්. එත් ඒ පුවත ඔහු කරන්නේ මට දැන ගැනීමට ලැබුණු පරිදි වෛද්‍යවරයෙක් අදාල රෝගියාගේ ඇද ඉහපත තොරතුරු සමග ඔහුට කල කරුණු දැක්වීමට අනුවයි.
ඒ රෝගියාගේ ඇද ඉහපත විස්තර වලට අනුවත් කොරෝනා රෝගය වැලදී ඇතිබවට ඒ සටහන් වල තිබුනේ නෑ. එත් ඔහු ඔහුට තොරතුරු දුන් වෛද්‍යවරයාගේ විශ්වාසය හේතුකරගෙන දැනට අසත්‍ය බවට තහවුරු වුන එම පුවත පල කරලා තිබුනේ මුලින්ම තහවුරු කරන ලද කොරෝනා රෝගියකු අදාළ රෝහලෙන් හමුවූ බව සදහන් කරමින්.
එදිනම මම ඒ තොරතුරු තහවුරු කල නොහැකි බවත් ඒ තොරතුරු ඉවත් කරන ලෙසත් ඔහු වෙත ඉල්ලීම් කලත් අදාළ තොරතුරු ලබා දුන් වෛද්‍යවරයාගේ විශ්වාසය මතත්, නුවන්ගේ හිතුවත්කාර කමමතත් ඒ පුවත ඉවත් නොකලත් ඔහු එම රෝගියා කොරෝන රෝගය පිළිබද සැක රෝගියකු ලෙස ඒ පුවත වෙනස් කළා.
''ඔහු ඕනෑතරම් අවනඩු සිදු කර තියෙනවා''
අද තත්වය. ඔහු අද අළුත්කඩේ උසාවිය ඉදිරිපත් කරනවා. නුවන්ගේ බිරිද මේ වෙනකොට කෆිව් පාස් එකක් අරගෙන දරුවන් වත් කුරුණෑගල දාල කොළඹ ඇවිල්ලා ඉන්නේ තමන්ගේ සහ දරුවන්ගේ බත සරි කර දෙන නුවන්ට ඇප ලබා ගන්න. ඔහු නැත්නම් ඒ පවුල අන්ත අසරණා බව ඔහු දන්නා කවුරුත් දන්නවා.
nuwan කියන්නේ ගොඩක් වැරදි කරන පුද්ගලයෙක්. ඒ විශේෂයෙන් ම ඔහුගේ මාධ්‍ය භාවිතය තුල අන් අය අපහසු වන නිසා. මට ඔහු ඕනෑතරම් අවනඩු සිදු කර තියෙනවා. මෙතැනදීත් ඔහු වැරදි. එත් මේ වෙලාවේ ඔහු රිමාන්ඩ් කලොත් ඔහුගේ දරු පවුලට කන්න බොන්නවත් නැති වෙන්න පුළුවන්.
ඒ වගේම ඔහු එළියට එනකොට කොරෝනා රෝගය හදාගන්නත් පුළුවන්. මොකද සිරගෙවල් වල තද බදය වැඩි නිසා ඊයේ දිනයේ මිගමු බන්ධනාගාරයේ සුළු වැරදි නිසා බන්ධානාගාර රැදවියන් 150 පමණ නිදහස් කළා කියලා දැක්කා.
මම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඔහුගේ ලැප්ටොප් ෆෝන් උසාවිය භාරය අරගෙන හරි. ඔහුට අන්තර්ජාල පිවිසුනොත් ඇප අවලංගු කරන කොන්දේසි මතහරි ඔහුට ඇප ලබා ගන්න අවස්ථාවක් දෙන්න කියලා. අයි කියනවා nuwan ගැන මටත් ප්‍රශ්න තියෙනවා.
එත්.. අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ පාඩම විශේෂයෙන් අන්තර්ජාලය පරිශීලනය කරන අය හැටියට වගකීමෙන් කටයුතු කරන්න. බොරු පුවත්, රාජ්‍ය විසින් තහවුරු නොකළ කොරෝනා ගැන පුවත් පල කිරීමෙන් වලකින්න.
වෛද්‍යවරයෙක් නෙමෙයි සක්කරයා කිව්වත් තහවුරු නොකළ පුවත් පල කරන්න එපා.
මොකද රජය කිව්වත් නැතත් එවන් පුවත් මේ වෙලාවේ අහිතකර බව තේරුම් ගන්න. හැකි තාක් නිවෙස් වලට ඉදලා කොරනා රෝගය අවසන් කරන සටනට සහය දෙමු!''