ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) සාමාජීකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු කර ගෙන ඇත. ඒ අනුව 26 හැවිරිදි එම තරුණිය මේවනවිට IDH රෝහලට ඇතුලත් කර තිබේ.

එසේම ඇය සමග සමීපව අසුරුකළ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත ඔවුන් දෙදෙනාද රෝහල්ගත කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග  පවසයි. එහෙත් ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැත.

මේ අතර ආසාදනයට ලක්ව ඇති ගුවන් සේවිකාව සමග අවසන් වරට ගුවන් ගතවූ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයම නිරෝධායනයට යොමු කර තිබේ.

මෙම ගුවන් සේවිකාව පසුගිය මාර්තු 21 දා ලන්ඩන් බලා පියාසර කළ UL 503 ගුවන් යානයේ රාජකාරිවල නිරතව ඇති අතර යළි 23දා එම ගුවන් යානයෙන් සිය කාර්ය මණ්ඩලය සමග දිවයිනට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයකු පැවසුයේ, තම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්වය ගැන නිරන්තර සෝදිසියකින් සිටින බවයි.


මිට පෙර ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකුටත් .....


මිට ඉහතදී  ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකුට ද කොරෝනා ආසාදනය වී තිබිණ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම අවස්ථාවේදී නිවේදනය කර සිටියේය.

ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී තිබිණ.

එලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටි ගුවන් නියමුවා රාජකීය - තෝමියන් වාර්ෂික ක්‍රිකට් මහා තරගය නැරඹීමට ද ගොස් තිබු බව ද වාර්තා විය.



ගුවන් තහනම දීර්ඝ කෙරේ

Sri Lanka imposes travel ban on passengers from Iran, Italy and ...
ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

මෙම ගුවන් ගමන් තහනම මෙම මස 31 වෙනිදා අවසන් වීමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබේ.

එහෙත් වෙනත් රටවල් කරා පිටත්ව යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත්, කාර්මික දෝෂ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්