කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ, හෙන්රි ජයවර්ධන නමැති 70 හැවිරිදි අයෙකි. 


මොහු මෙරට සිටියදී අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර විශ්‍රාම ලබාගැනීමෙන් පසු ඔහු සිය බිරිඳ සමග ලන්ඩනයට ගොස් ඇත. ඒ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එරට වාසය කළ හෙයින් ඔවුන් සමග විශ්‍රාම සුවය ගත කිරීම සඳහාය.

කෙසේවුවද මොහු මියගොස් ඇත්තේ කුලී නිවසක පදිංචිව සිටියදීය. අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහුගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී ඇතැයි පැවසේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රී ලාංකිකයා හෙන්රි ජයවර්ධනය.  

ඊයේ දිනයේ 55 හැවිරිදි මහරගම, වත්තෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේදී මියගියේය.


සබැඳි පුවත් :
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් (ලකී) ලන්ඩනයේදී මියයයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්