අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. බී. හේරත් විසින් ජයග්රාහිකට සහතික පත ප්රදානය කළ අයුරු. පසෙකින් ප්‍රවීණ ඡායාරූප ශිල්පි කුමාර එදිරිසූරිය ද සිටී
රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව විසින් වසර තුනකට පසු සංවිධාන කරන ලද වෙසක් සිරි අසිරි – 2024 ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන් ත්‍යාග පිරිනැමීම සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගිය 31 වැනිදා කොළඹ කෞතුකාගාර නව ප්‍රදර්ශන ශාලාවේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. බී. හේරත් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම නිර්මාණ හිමිකරුවන්ට සහතික පත් ප්රදානය අමාත්‍යාංශ ලේකම් එච්. එම්. බී. හේරත්, සංස්කෘතික අධ්‍යක්ෂකා යෂින්තා ගුණවර්ධන සහ සහකාර අධ්‍යක්ෂ කසුන් සේනාරත්න, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර අතින් සිදු විය.
වෙසක් අසිරිය ඡායාරූප ලෙසින් ගොනු කර අගයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ ලේකම් දයන්ත හේවගේ උපදෙස් මත ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් යුතුව රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව විසින් ‘වෙසක් සිරි අසිරි’ නමින් ඡායාරූප තරගයක් සඳහා නිර්මාණ කැඳවන ලදී.
මෙලෙස තරගයක් සඳහා ඡායාරූප කැඳවූයේ හය වසරකට පමණ පසු ශ්‍රී ලංකාවාසීන් 2024 වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරූ බැවිනි.
මේ තරගය සඳහා ඡායාරූපික නිර්මාණ 200ක් පමණ ලැබුණු අතර මින් ප්‍රශස්ත මට්ටමේ ඡායාරූපික නිර්මාණ 64ක් ප්‍රදර්ශනය සඳහා තෝරා ගනු ලැබිණ.
වසර 03කට ආසන්න කාලයක නිහැඬියාවෙන් පසු රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ නව පරිපාලනය විසින් ආරම්භ කරන ලද වැඩසටහනේ ප්‍රථම පියවර වෙසක් සිරි අසිරි ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය යි.
(ජයසිරි අලවත්ත)