ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යවසායක ධම්මික පෙරේරා පත් කිරීමට තීරණය කර ඇතැයි එම
පක්ෂයේ නෙලුම් මාවත මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

පක්ෂ නායකත්වය විසින් එම තීරණය ගෙන ඇති බවත්, එම තීරණය ධම්මික පෙරේරා වෙත දැනුම්දීමෙන් පසු ඔහු ඊට එකඟතාවය පලකල බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව එහි ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව 'අනිද්දා' පුවත්පත කළ විමසීමක දීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කොට ඇති නිසා ඔහුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවට කරන ප්‍රකාශ නොසලකන බවත් පක්ෂය විශ්වාසය තබන්නේ මහජන නියෝජිතයන්ගේ ප්‍රකාශ ගැන නොව පක්ෂයත් සමග සිටින පාක්ෂිකයන් ගැන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

akd 1600x500rani
72ppi Web Telephone Ringing 300x250p10

worky sin

නවතම පුවත්