සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ගොඩ නැගීමට යෝජිත සමගි ජන සන්ධානයේ පාර්ශ්ව අතර ගිවිසුම්ගත වීම අගෝස්තු මස 8 වෙනි දින කොළඹ
සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත් වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, පලනි දිගම්බරම්, ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ, මහාචාර්ය ජී. එල් පීරිස්, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ආදී බොහෝ පිරිසක් තම පක්ෂ සහ කණ්ඩායම් වෙනුවෙන් මෙහිදී සන්ධානගත වෙන බව වාර්තා වෙයි.
එම සන්ධානගත වීමෙන් පසුව පුළුල්තම විපක්ෂ සන්ධානය ලෙස ජනාධිපති මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනක් අරඹන බව සමගි ජන බලවේග ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
චම්පික - දයාසිරි - රිෂාඩ් තාම තීන්දුවක් නැ !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර ද මෙම සන්ධානයට එකතුවෙන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කරයි.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් හෙට (03) කැඳවන බවත් එහිදී සියලුදෙනා සමග සාකච්ජාකර ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ ද ? වෙනත් අපේක්ෂකයකුට සහය දෙන්නේද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවත් අප කල විමසීමකදී ඔහු සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී කාට සහාය දෙනවා ද යන්න පිළිබඳව ජනරජ පෙරමුණ තවමත් තීරණයක් ගෙන නැතැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ප්‍රකාශ කරයි.
සමගි ජන බලවේගය සමග මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පාර්ශ්වය වැනි පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වමින් ඇති බව ප්‍රකාශ කරන චම්පික, ඉදිරි දින කිහිපයේදී තම පක්ෂය රැස්වී ස්ථිර තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වෙන බවද ප්‍රකාශ කළේය.
මේ අතර සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී කාට සහාය දෙනවා ද යන්න පිළිබඳව අබු රිෂාද් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.