බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී සාමාන්‍ය ජනතාව පමණක් නොව රටේ නායකයාත් කැපකිරීම් කළ යුතු යයි විපක්ෂ නායක

සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ කුරුණැගල පැවැති සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව අමතමිනි. මෙම වැඩසටහනත් සමග දිවයින පුරා භික්ෂු උපදේශක සභා 6ක් සිදු කර තිබේ.

පසුගිය දිනක අයි.එම්.එෆ්. නියෝජිතයන් හමු වී රටේ වෙනස්කම් සිදුවී ප්‍රතිසංස්කරණ සිදු වී ඒ හරහා රට ගොඩ ආ යුතු බව පැවසු බවත්, එසේම කැපකිරීම් සිදු කරන විට සැවොම කැපකිරිම් සිදු කළ යුතු බවත් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා බවත් ඔහු රටට ආදර්ශයක් විය යුතු නමුත් අප රටේ සිදු වූයේ එහි අනික් පැත්ත බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි ධානපතියන් කෝටිපතියන් බේරා මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑම් කළ බවත් මෙවැනි අවස්ථාවකදී වැඩ කර ජනතාව මෙන්ම සුපිරි ධනවතුන් හා පොහොසතුන් දකැපකිරිම් කළ යුතු බවට තමා අයි. එම්. එෆ්. එකට පැවසූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

එහි දී විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.

ආගමික ස්ථාන දියුණු කළ යුතුයි

‘‘අද වන විට විවිධ ප්‍රශ්ණ සහ ගැටලු නිසා බොහෝ විහාරස්ථාන වැසී ගොස් තියෙනවා. ගමේ නගරයේ විහාරස්ථානය කියන්නෙ ඒ ගමේ නගරයේ සෞභාග්‍යයේ කේන්ද්‍රස්ථානය. ඒ නිසා විහරස්ථාන පද්ධතිය සුරක්ෂා කරන්න, රැකගන්න, ප්‍රවර්ධනය කරන්න වගේ ම සංවර්ධනය කරන්න විහාරස්ථාන කැපකරු මාපිය ක්‍රමයක් ඇති කරන්න මම කටයුතු කරනවා. මේ හරහා විහාරස්ථාන දියුණු කරන්න පුළුවන්.

විදුලි බිල වැඩි කිරිම නිසා විහාරස්ථාන රාශියක් දැඩි විදියට අසරණ වෙලා. ඒ නිසා මේ විහාරස්ථාන සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය බලශක්ති වැඩසටහනක් ක්‍රියාත්මක කරලා මේ ආගමික ස්ථාන දියුණු කළ යුතුයි. පාසල්වල මෙන්ම පන්සල් සහ ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතවත් සුහුරු අධ්‍යාපනය ක්‍රියාත්මක කළ යුතුයි.

මම අනුගමනය කරන්නෙ ධම්ම පදය

මේ වෙද්දි අපි දෙස් විදෙස් ධානපතියන්ගෙන් සහ පෞද්ගලික ධානපතියන්ගෙන් ආධාර ලබා ගෙන සිදු කරන වැඩසටහන් තහනම් කරල තියෙනවා. ඒ උනාට රාජ්‍ය අරමුදල් උපයෝගී කර ගෙන ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් දිගට ම සිදු කරගෙන යනවා. මේ අමනෝඥ ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන. සමගි ජන බලවේගය එය ක්‍රියාත්මක කරන්නෙ දශරාජ ධර්මය කේන්ද්‍ර කර ගෙන. එවැනි රාජ්‍ය පාලනයක් අති සාර්ථක වෙනවා. එසේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ ඇති ගුණාංග වගේ ම ප්‍රතිපත්ති අනුගමනය කරන්න අපි අදහස් කරනවා. මම අනුගමනය කරන්නේ ධම්ම පදය.

රටට වැරැදුණ තැන

මෑත කාලෙ ඇස්වලට පෙනී පෙනී සරු දේට නිසරුයි කිව්වා; නිසරු දේට සරුයි කිව්වා. අද යුගයේ අවශ්‍යතාව වෙලා තියෙන්නෙ රටට අවශ්‍ය නිවැරදි දර්ශනය ගමන් මාර්ගය කුමක්ද කියල අවබෝධ කරගෙන ඒක ක්‍රියාත්මක කරන එක. හොඳ දෙයක් කවුරු කරනවා නම්, ඒක නිවැරදි නම් ඒක අනුගමනය කරන්න කොන්දක් තියෙන්න ඕනෙ. රටට වැරදුණේ විවිධ පෞද්ගලික න්‍යාය පත්‍රය අනුගමනය කරමින් නිසරු දේට සරුයි කියපු නිසා.

ආගම් ඇදහීමේ හෝ නොඇදහීමේ අයිතිය

මේ වෙද්දි රටේ බුද්ධාගම වගේ ම අනෙකුත් ආගම් පිළිබඳ විශ්වාසයක් නොමැති පිරිසක් ඉන්නවා. මොවුන් ආගම් ඇදහීම් සිදු කරන්නෙ නෑ. ආගම් පිළිපැදීම මෙන්ම පිළි නොපැදීම ඕනෑම කෙනෙකුට අයිතිය තිබුණත් කවුරු හරි ආගම් පිළි නොපැදීම හෝ පිළි නොගැනීම නිසා විවිධ ආගම් අදහන කණ්ඩායම්වලට ගැරහිමේ අයිතියක් කාටවත් නෑ. ඒක ආගම දහමට කරන නින්දාවක් වගේ ම අපහාසයක්.

අද වෙද්දි අපේ රට භයංකාර තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. දේශීය විදේශීය ණය බරතාව ඇ. ඩොලර් බිලියන 100කට ආසන්නයි; ඒකපුද්ගල ණය බරතාව රු. ලක්ෂ 12කට ආසන්නයි. මේ තත්ත්වය මත අපිට ගොඩ එන්න නම් 2048 නෙවෙයි... ඊටත් වඩා කාලයක් යයි. ඊට කලින් ගොඩ එන්න පුළුවන් කියල විවිධ පාර්ශ්ව කියනවා. අපේ රටේ ණය 2032 සිට ගෙවන්න පුළුවන් කියල අයි. එම්. එෆ්. එක කිව්වට වත්මන් රජය 2028 ඉඳල ම ණය ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවා. රටක් විදියට ගොඩනැගෙන්න තිබුණු අවස්ථාව පැහැර හැරලා. නමුත් සමගි ජන බලවේගය මෙවැනි ප්‍රතිපත්තිවල නෑ.’’

akd 1600x500rani
72ppi Web Telephone Ringing 300x250p10

worky sin

නවතම පුවත්