‘ඔන්ලයින් වීසා’ (Online Visa) නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ 'ඔන්ලයින් වීසා'

නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අද (2) පස්වරුවේ 'ලංකාදීප' වෙබ් අඩවිය (lankadeepa.lk) වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නොලැබීම නිසා ඉදිරි ක්‍රියමාර්ග පිළිබඳව නිෂ්චිතව කිවනොහැකි බව පවසන හර්ෂ ඉලුක්පිටිය, මෙම තත්වය පිළිබඳව විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් සමඟ සාකච්ඡා කරන බව ද සඳහන් කරයි.

අද දිනයේ සිට වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බවත් එසේ වුවහොත් රටේ කීර්තිනාමයට මෙන්ම ආර්ථිකයට ද දැඩි හානියක් වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි.

 

මාස තුනකට ලැබුන ආදායම රුපියලේ මිලියන 1400ක්

 

ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අද සිට ක්‍රියාත්මක විය හැක්කේ ගුවන් තොටුපලේදී දින 30 ක පමණක් වලංගු on arrival visa නිකුත් කිරීම හා මාස 6 සංචාරක විසා නිකුත් කිරිම පමණි.

පසුගිය මාස කිහිපයේ ක්‍රියාත්මකව තිබු අවුරුදු 2 - 5 ආදී කාණ්ඩ 17කින් යුත් නේවාසික විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය තුළ අත් හිටුවීමට සිදුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


කැබිනට් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි


විද්‍යුත් වීසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) පස්වරුවේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

akd 1600x500rani
72ppi Web Telephone Ringing 300x250p10

worky sin

නවතම පුවත්