කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් ගෝඨභය රාජපක්ෂ හිතවාදී පෞද්ගලික මාධ්‍ය මුස්ලිම් විරෝධී උමතුවක්

අවුස්සන්නේ කෙසේද යන්න පෙන්නුම් කරන පැහැදිලි සාක්ෂියක්, මේවනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවක් මගින් අනාවරණය වී ඇතැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමිනි.

'' අපායෙන් එන රුපවාහිනී නාලිකාවේ තවත් 'අයිඩියා' එකකි. ඔබට සිංහල තේරුම් ගත නොහැකි නම් කරුණාකර මෙය නරඹා එය පරිවර්තනය කරන්න. දැඩි කම්පනයක් ගෙන දෙයි! ''ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියි.

DERANA

මංගල සමරවීර එම සටහන තබා ඇත්තේ, 'අද දෙරණ' රූපවාහිනී නාලිකාවෙහි දේශපාලන සංවාදයක් අතරතුර එම සංවාදය මෙහෙයවූ නිවේදක චතුර අල්විස්, මුස්ලිම් ජනතාවට අවමානයට ලක්කරමින් සිදුකළ නින්දා සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

'අද දෙරණ' හි 'වාදපිටිය' සජීවී දේශපාලන සංවාදයක් අතරතුර ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම සඳහා 'පොහොට්ටු' පක්ෂයේ හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තමන්ට වෙනම ගෙවීමක් ලැබිය යුතු බව එම සංවාදය මෙහෙයවූ නිවේදක චතුර අල්විස් පවසන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවනවිට අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් පවතී.

කොරෝනා ආසාදිත මුස්ලිම් අයකු මියගියහොත් දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකළ ආකාරය දැක්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ සංශෝධනය කර පළ කලේ නම් මෙවැනි ගැටළු මතු නොවන බවද ඔහු එම සංවාදයට එක්ව සිටි දේශපාලනඥයින්ට උපදෙස් දෙයි. ''ගහන්න ඕන නේ. ගහන්නත් චාන්ස් එකක් ආවා ඒ කෑල්ලත් අරගෙන. නැත්නම් හරියන්නෑ.’ චතුර අල්විස් එහිදී පවසන්නේ සජීවී වැඩසටහනකදී කැමරාවෙන් තමා සජීවීව විකාශය වන බව නොදැනය.  චතුර අල්විස් එවැනි ප්‍රකාශ කරමින් මුස්ලිම්වරුන් නින්දා සහගත අවමානයට ලක්කරන්නේ එම සජීවී විකාශය අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා ලැබුන විවේකයෙදී  නිෂ්පාදක කණ්ඩායම එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නා අවස්ථාවකදිය.

එම අවස්ථාවේදී වෙළඳ දැන්වීම් ප්‍රචාරය වෙනුවෙන්  ප්‍රධාන පාලක මැදිරියෙන් (MRC -main control room) 'අද දෙරණ' සජීවී විකාශය නවතා තිබුන ද එම ආයතනය විසින් ඊට සමගාමිව විකාශය කෙරෙන වෙබ් නාලිකාවේ හා 'යූ ටියුබ්' චැනලයේ එය අඛණ්ඩව විකාශය වී ඇත. මෙය අත්වැරදීමකින් සිදුවූවක් බව වාර්තාවේ.

කෙසේවුවද එසේ විවේක කාලය තුළ සජීවී ලෙස විකාශය වූ කොටස කිසියම් පුද්ගලයකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමග මෙම සිද්ධිය මේවනවිට බරපතල ආන්දෝලනයකට ලක්ව ඇත.

(අදාල වීඩියෝව නැවත නැවත ප්‍රචාරය වීම තුළ කිසියම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට සිත් තැවුලක් වීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගෙන එම වීඩියෝව අප විසින් පල නොකිරීමට තීරණය කළෙමු - සංස්කාරක)

 

සමාජ මාධ්‍ය හරහා විරෝධයක් !

'අද දෙරණ' විසින් දිගින් දිගටම ජාතිවාදය උසිගන්වමින්, දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිදුකරන ජඩ මාධ්‍ය මෙහෙයුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධයට හා පිළිකුලට ලක්ව ඇත.

එවැනි සටහන් කිහිපයක් පහත පළවේ.

දෙරණ චතුර, මිනී කාක්කෙක් !
මුලු රටේම ජනතාව දුක් විඳිමින්, එක ලෙස කැප කිරීම් කරමින්,
කොරෝනා වසංගතය සමග ජීවිතය හා මරණය අතර
සටනක යෙදෙන මේ වැනි කණගාටු දායක මොහොතකදී,
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික මාධ්‍ය ලෙස ක්‍රියා කරන
මොවුන් විසින්, මේ තරම් කාලයක්, ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා
ජාතිවාදය වපුරමින් සිදු කළ ජනතාව කුපිත කරවීමේ,
මෙහෙයුමට මීට වඩා සාක්ෂි අවශ්‍ය ද?
මේ අදහස් ඔවුන්ට දෙන්නේ අපායෙන්ද (IDEA HELL?)?
පිළිකුල්සහගතයි!

#################

රඟපෑම් ඉවරයි.. වෙස්මූණු ගැළවෙයි.

ප්‍රේමකීර්තිද අල්විස්ලා නැති රටක, චතුර අල්විස්ලා බිල්ලට ගන්න ජීවිත
රටට දැයට මිනිසුන්ට ප්‍රේම කළ  ප්‍රේමකීර්ති ද අල්විස්ලා නැති රටක
චතුර අල්විස්ලාගේ ජීවිත රසවත් කරවන මිනිස් බිල්ල !

#################

sUPUN

 

ICCPR නීතිය දෙරණට බලපාන්නේ නැද්ද ?

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ආචාර්ය ඕෂල හේරත්, දෙරණ හි චතුර ඩි අල්විස් ICCPR නීතියට යටතේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බලකර සිටියි.

 

නුවන් නිරෝධ හට ක්‍රියාත්මක වුන නීතිය දෙරණේ චතුරට වලංගු නැද්ද? කියා ද  ඕෂල හේරත්,  තවත් පොස්ටුවක් පළකරමින් රජයෙන් විමසා ඇත. (කොරෝනා ගැන අසත්‍ය පුවතක් පළකල බවට චෝදනා කරමින් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී නුවන් නිරෝධ මේවනවිට රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

 

දීප්ති ගුණරත්න කියපු කතාව !

ජාතිවාදය මාර්කට් කර ගොඩයන අද දෙරණ හා එහි මාසික වැටුප් ලබන සේවකයකු වන චතුර අල්විස්ලාගේ ජඩ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් මිට පෙරද විවේචන එල්ල වී තිබිණ.

නාරද බක්මීවැව සමග පැවති සම්මුඛ සකාච්ජාවක දී ප්‍රකට දේශපාලන විචාරකයකු වන දීප්ති කුමාර ඒ සම්බන්ධයෙන් පැවසුයේ මෙවැන්නකි.

 

ඒ කෙසේවුවද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරලීම සඳහා ජනමතයක් ඇතිකරමින් ඒ සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලට දැඩි බලපෑමක් එල්ල කලේ දිලිත් ජයවීරගේ 'අද දෙරණ' මාධ්‍ය ජාලයයි.

############################

Covid add 4

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්