ප්රවීන ගායන ශිල්පී සේනක බටගොඩ අද(11දා) සිය දිවි ගමන අවසන් කර තිබේ.
මිය යන විට ඔහු 66 වැනි වියෙහි පසු වුණා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී ඔහු මෙලෙස අභාවප්රාප්ත වී තිබෙනවා.
ඔහු ශ්රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයක ම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි සංගීත ශිල්පියෙක්.
‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘සැනසෙන්නම්’ ආදී ගීත ඔහු විසින් ගායනා කරනු ලැබුවා.