2022 අර්බුදයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ අභියෝගය භාර ගත් බැවින් රට ගැන සිතන සිය දෙනා ඔහු ජයග්‍රහණය කරවීමට
එකට එකතු වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා එලෙස පැවසුවේ ඊයේ (10) බත්තරමුල්ල, තලවතුගොඩ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග...
ජනාධිපතිගේ වැඩ පිළිවෙළට අපේ සහයෝගය
“අපි පොදුජන එක්සත් නිදහස් පෙරමුණ හැදුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය හතර දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන නිසා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මැතිවරණයේ දී ජයග්‍රහණය කරනවා කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේ දී රට ගැන හිතන කණ්ඩායමක් එකතුවෙලා ජනාධිපතිතුමා මේ ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.
ජනාධිපතිතුමාට පසුගිය අවුරුදු දෙක මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් වුණේ, විශේෂයෙන්ම බංගලාදේශය පත් වුනු තැනට නොගිහින් අපිට රට බේරගන්න පුළුවන් වුණේ, එතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාම ලබා දුන් සහයෝගය නිසයි. ඉදිරියේදී පක්ෂ දේශපාලනයට වඩා රට ගැන හිතලා අපි හැමෝම කටයුතු කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපේ දේශපාලන වේදිකාව සියලු ම පක්ෂවලට විවෘතව තියෙනවා. සියලුම ආගම්වලට විවෘතව එන්න පුළුවන්කම තියෙනවා. ජාති, ආගම් භේද නැති පක්ෂ කුල භේද නැති එකම වේදිකාව බවට පත්වෙලා තියෙන්නේ අපේ වේදිකාව. අපේ කණ්ඩායම ඊළඟ මැතිවරණවලට සහයෝගය දෙන්නේ මේ සන්ධානය හරහා. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණවලදී පවා අපි අපේක්ෂකයන් ආරක්ෂා කරගන්නවා.
රාජ්‍ය සේවකයෝ බුද්ධිමත්

මේ දිනවල මාධ්‍යවල කතාබහ වෙන දෙයක් තමයි රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව පිළිබඳව චක්‍ර ලේඛනයක් නෑ කියන එක. ඒ කැබිනට් පත්‍රිකාව මම ගාව තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තියෙනවා 'රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය පිළිබඳව සොයාබලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ උදය ආර් සෙනෙවිරත්න සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ' කියලා. CS/CM/ SD/324/2024 කියන මේ කැබිනට් පත්‍රිකාවේ දෙදස් විසිපහ වර්ෂයේ අයවැය ඇතුළත් කිරීමට අනුමැතිය දීලා තියෙනවා.
අද විශේෂයෙන් ම රාජ්‍ය සේවයේ තැපැල් ඡන්ද භාවිත කරලා අවසන්. අපි දන්නවා බහුතරයක් නිහඬ ඡන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙන්න කටයුතු කළා කියලා. කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටවල් රැසක රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවය කරන බොහෝ දෙනෙක් රැකියාවලින් ඉවත් කළා. ඔවුන්ගේ වැටුප් කප්පාදු කළා. නමුත් අපේ රටේ එහෙම වෙන්න ඉඩ දුන්නේ නෑ. අපි වෙන විදිහකට ඒක කළමනාකරණය කළා. අපේ රටේ රාජ්‍ය සේවකයින්ට අපි, විදෙස් ගත වෙන්න වැටුප් රහිත නිවාඩුවක් ලබා දුන්නා. අපි ඒ අයුරින් කටයුතු කළේ අපිට විදේශ සම්ප්‍රේෂණ ලැබෙන නිසා. රාජ්‍ය සේවකයෝ බුද්ධිමත් ජනතාවක්. ඒ අය දන්නවා අපි මොනතරම් අමාරුවෙන්ද මේක කළමනාකරණය කළේ කියලා.
වෙනස් කරොත් කඩන් වැටෙයි

දෙදහස් විසි දෙක වෙනකොට අපිට ඩොලර් මිලියන විස්සක් හොයාගන්න බැරි වුණා. ඉන්ධන ගන්න බැරි වුණා. අපේ මිනිස්සු මහපාරවල්වල දවස් තුන හතර රස්තියාදු වුණා. පාරවල්වල මිනිස්සු මැරී වැටුණා. අද ඒ දේ බංගලාදේශයේ වෙලා තියෙනවා. බෙහෙත් ටික ගන්න අපිට බැරි වුණා අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න ගන්න විදේශ සංචිත අපිට නැති වුණා. මේ වෙනකොට ඩොලර් බිලියන හතක පමණ ප්‍රමාණයක් සංචිතවල තියෙනවා. සමහරු කියනවා ණය නොගෙවා මේවා ඉතිරි කරා කියලා. නමුත් අපි ණය ගෙව්වා. ප්‍රතිව්‍යුහගත කරපු දේවල් විතරයි අපිට ගෙවා ගන්න බැරි වුණේ. ඒක දෙදහස් විසිහතේ ඉඳලා අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මහ බැංකු අධිපතිතුමා අපිට කිව්වේ අවදානම් තත්ත්වයක ඇවිල්ලා ඉන්නේ ඉදිරියේ දි මේක වෙනස් කරන්න ගියොත් රට විසිසයි විසිදෙකේ තත්ත්වයට වඩා අර්බුදකාරී තත්ත්වයකට පත්වෙයි කියලා. ඒ නිසා වැල් පාලමේ ගිය අපි වෙනස් කරන්න ගියොත් කඩාගෙන වැටෙයි කියලා තමයි මහා බැංකු අධිපතිතුමත් කියන්නේ.
අවුරුදු හතළිහක් ආපස්සට ඇදීම
රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන් වලින් බහුතරයක් අපිට ලැබුණා කියන එක ඒ අය හරහාම අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන් ම අධ්‍යාපන ක්ෂේත්රයේ කණ්ඩායම් එකතු වෙලා සමාජ මාධ්‍යවල ගුරුවරු ගියා කියලා කියන ප්‍රචාරවලට අපි පණිවිඩයක් දෙන්න ඕන. ඇත්තම කතාව අද ගම්වල ජනතා විමුක්ති පෙරමුණට ඇවිදින්න මිනිස්සු නෑ. ගම්වලට අපි යනකොට අපේ මිනිස්සු අපිට කියන්නේ සර් ගමෙන් එක්කෙනයි නැත්නම් දෙන්නයි ආවෙ අනිත් ඔක්කොම පිටින් කියලා. ජවිපෙ එකට ඉන්න සීයට තුනේ කාඩර් එක පවුල් පිටින්ම යනවා. ඒගොල්ලෝ ගිහින් පෙන්නනවා. හැබැයි ගම්වල එහෙම නෑ. ගුරුවරු යනවා කිව්වට ගුරුවරු දන්නවා ඉතිහාසයේ ඉඳන් මේ අධ්‍යාපන ක්ෂේත්රයේ කකුලෙන් ඇද්දෙ විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ කියන එක.
ජනතා විමුක්ති පෙරමුණයි මාලිමාවයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මොකද මට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මීට අවුරුදු හතළිහකට කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාපු වෙලාවේ (ධවල පත්‍රිකාව) ජනතා විමුක්ති පෙරමුණ එදා ඇතිකරපු විරෝධය නිසා හැටදහකට ආසන්න තරුණ ප්‍රජාවක් ඝාතනය වුණා. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ ඒ අවුරුදු හතළිහකට ඉස්සෙල්ලා ගෙනාපු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර මහතා අද ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් ඒ අවුරුදු හතලිහක් ආපස්සට ඇදීම පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්රයේ ඉන්න අය වගකියන්න ඕන නේද කියන එක අපිට අහන්න වෙනවා.
ලයනල් ජයතිලක ඝාතනය
අධ්‍යාපන ක්ෂේත්රයේ හිටපු බොහෝමයක් අය ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. මට මතකයි ඉස්සෙල්ලාම නොමිලේ පොත් බෙදා දෙන්න කටයුතු කළේ ලයනල් ජයතිලක ඇමතිතුමා. එතුමා ඝාතනය කළේ එක්දහස් නමසිය අසූ හතේ සැප්තැම්බර් මාසයේ දි. ඒ තරම් සේවාවක් කරපු අය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළේ එහෙමයි. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා, මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති චන්ද්‍රරත්න මහත්මයා වගේ අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ විශාල ප්‍රමාණයක් මැරුවා. විදුහල්පතිවරු එකසිය ගානක් මරලා තියෙනවා අසු අට -අසූ නමය භීෂණ සමයේ දි. මේවා ගැන දන්න අධ්‍යාපන ක්ෂේත්රයේ ඉන්න බුද්ධිමතුන් කවදාවත් ජනතා විමුක්ති පෙරමුණට සහයෝගයක් ලබා දෙන්නේ නැහැයි කියන විශ්වාසය අපිට තියෙනවා.
ජවිපෙට මුදල් කොහෙන්ද...?
ජනතා විමුක්ති පෙරමුණ මේ තරම් මුදලක් වියදම් කරන්නේ කොහොමද කියන එක සැක සහිතයි. මාධ්‍යවලට ඇවිල්ල කියන්නේ මොකක්ද...? එයාලා උඩින් හොඳට ඇන්දට මොකද යටින් ඇඳලා තියෙන යට ඇදුමේ හිල් තියෙනවා කියලා. ඒවා වැලකවත් වනා ගන්න බෑ කියලා. එහෙම කියන අය ද මැතිවරණයට මෙච්චර මුදලක් වියදම් කරන්නේ...? පක්ෂයේ මන්ත්‍රීවරු නඩත්තු කරන්න ආණ්ඩුවෙන් සල්ලි අර ගන්නවා නම් පාක්ෂිකයින් නඩත්තු කරන්නත් ඒ දේම කරන්න ඕන. අඩුම තරමේ මම විශ්වාස කරන්නේ ඒ අයට එහෙනම් යට ඇඳුම් ටික හරි අරන් දෙන්න ඕන. ඒ වගේම අද කාර්යාලවලට ඔවුන් වියදම් කරන මුදල් බලන්න.
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවත ජනාධිපතිධූරයට පත් කරන්නට ජනතාව පෙළ ගැහිලා ඉන්නවා. මේ රටේ ජනතාව බුද්ධිමත්. ජනතාව තේරුම් අරගෙන සිටිනවා මේ වෙලාව දේශපාලනයක් කරන්න ඕනි වෙලාවක් නෙමෙයි කියන එක. රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් මිස දේශපාලන අර්බුදයක් නෙමෙයි. බුද්ධිමත් ජනතාව විශ්වාස කරනවා මේ යන ක්‍රමවේදය වෙනස් කළොත් රට විශාල ප්‍රශ්න රැසකට පත් වෙන්න සිදු වෙනවා කියන එක. ඒක අපි අත්දැකීමෙන්ම මුහුණ දුන්න ජාතියක්.
මේ රටේ සියලු ජනතාව මූලික අවශ්‍යතාවයන් නැතිව පෝලිම් ගාණේ හිටියා. එය මේ රටේ ජනතාවට අමතක නැහැ. බහුතරයක් ජනතාව නිශ්ශබ්දව ඉන්නේ ඒ අය දන්නවා මේ ක්‍රමවේදය වෙනස් වුනොත් නැවත අසීරුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. රටේ දේශපාලනය කරන්න කලින් අපිට ජීවත් වෙන්න රටක් ඕනේ. ප්‍රධාන අපේක්ෂකයින් අතරින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථික අර්බුදයට හරියාකාරව මුහුණ දීලා ජනතාවට තිබුණ අසීරුතාවයන් අවම කරලා තියෙනවා. ජනතාව විශ්වාස කරන්නේ පෙනෙන දේ මිසක් නොපෙනන හීන නෙමෙයි. මේ පාර රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ ඡන්දය දෙන්න ඕනි කියන තැන ඉන්නවා.
නෙරපූ හමුදාවෝ
එක් හමුදා නිලධාරියෙක් පොහොට්ටුකාරයින්ට, ටෙලිෆොන්කාරයින්ට ගහනවා කියලා වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා අපි දකිනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙක් විදියට මම කණගාටු වෙනවා. මේක ප්රජාතන්ත්රවාදී රටක් ඕනිම කෙනෙක්ට තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරන්න අයිතිය තියෙනවා. නමුත් මිනිස්සු මරලා ගහලා ප්රජාතන්ත්රවාදය නැති කරන්න එවැනි දේශපාලන අරමුණක් කරා යනවා නම් ඒ පිළිබඳව සමාජය තීන්දු කරන්න ඕනේ.
අපි කිසිවිටක ගහලා, මරලා දේශපාලනය කරලා නෑ. හමුදාවෙන් නෙරපපු නිලධාරින් මෙවැනි ඡන්ද ව්‍යාපාරවලට ගෙන්නපුවාම වෙන්නේ සමාජය තුළ පිළිකුලක් ඇති වෙන එකයි. හමුදා නිලධාරින් නීති දෙකකට යටත් පිරිසක්. හමුදා නීතිය හා සාමන්‍ය සිවිල් නීතිය යන දෙකට ම යටත්. ඔහු හමුදාවෙන් නෙරපපු කෙනෙක් කියලා සමාජ මාධ්‍ය හරහා යනවා. ඒ වීඩියෝව ඔහු තනියම ගන්නකොට එයත් එක්ක ඉන්න අනිත් කෙනා ඔහු මග හැර යන්න උත්සාහ කරනවා. ඔහුගේ කරට අතදාලා බලෙන් තියා ගන්න හදනවා.’’
(සටහන : කැළුම් ගුණතිලක)

ජනතා විමුක්ති පෙරපුණේ කැම්පේන් එකේ දි මැතිවරණ කාර්යාලවලට වියදම් කරන මුදල් ලක්ෂ හතරක පහක විතර කටවුට් ගහනවා. අපිට ආරංචි විදිහට ලක්ෂ දහයක් දෙනවා එක කාර්යාලයකට. එක කාර්යාලෙකට ලක්ෂ දහය ගානේ ඔක්කොටෝම මේ අය කොච්චර වියදම් කරනවද?. ඒ නිසා මේවා ගැන මැතිවරණ කොමිසමේ අවධානය යොමු කරනවා මේ අය වියදම් කරන මුදල් පිළිබඳව හොයා බලන්න ඕන කියලා. මොකද කැට හොල්ලලාලුනේ මේ මුදල් එකතු කරා කියන්නේ. එහෙනම් මෙයාලට මුදල් ආපු විදිහ බලන්න ඕන. මට මතකයි ගිය ජනාධිපතිවරණයෙන් පස්සේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ නැන්දම්මගෙ ගෙදර ඩොලර් තිබ්බයි කියලා විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියනවා. මාධ්‍යයෙන් අහද්දි එතුමා කියනවා ඕවා මැතිවරණයට ලැබුණු මුදල් කියලා. ඒ වගේ ලැබිලා ඇති මම ඒකට දොස් කියන්නේ නෑ.
එදා බයේ දුවපු අය
සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට මම දන්නවා පාර්ලිමේන්තුවේ දි එතුමා කාලය නාස්ති කරන්නේ එකම දේ තුන් හතර විදිහකට කියලා. එතුමාට සැලැස්මක් නෑ. අරගලයෙන් හා ආර්ථික වශයෙන් රට කඩාගන වැටුණු වෙලාවේ රට භාර ගන්න කියලා අපි එදා කතා කරාම බයේ දුවපු අය. අනුර කුමාරත් එහෙමයි. තනිකර බොරු කියලා මිනිස්සු රවට්ටනවා. ඒ නිසා ඒ අය ගැන මේ රටේ මිනිස්සුන්ට විශ්වාසයක් නෑ. අපිට මේ මැතිවරණයේ දි අපේ කණ්ඩායම ඉතාමත් උනන්දුවෙන් මහන්සියෙන් දැනට වැඩ කරනවා. අපි දන්නවා මේ මැතිවරණ ප්‍රතිඵල එනකොට රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් මේ රටේ ජනාධිපති වෙනවා කියන විශ්වාසය මේ රටේ මිනිස්සුන්ට තියෙනවා. දිනන කෙනෙකුටයි මිනිස්සු ඡන්දය දෙන්නේ. සමාජ මාධ්‍යවල බොරු කරලා එඩිට් කරලා පින්තුර දැම්මට මිනිස්සු තේරුම් අරන් තියෙනවා රටේ වෙන්නේ මොකක්ද කියලා. රටට ආදරේ කරන මිනිස්සු අදත් රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න තීරණය කරලා ඉවරයි.
ගීතා ගියා - තලතා ආවා
ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය අපිත් එක්ක හිටියා. ක්‍රියාකාරීව කටයුතු කළේ නෑ. අපි දැනන් හිටියා එතුමිය දෙපැත්තක ඉන්න බව. එතුමිය ගිය එකට වඩා අපිට ශක්තියක් තලතා අතුකෝරල මහත්මිය ආපු එකට. එතුමිය රටේ පිළිගැනීමක් තිබෙන කාන්තාවක්. ගීතා කුමාරසිංහ ගිය එකට ස්තූතිවන්ත වෙන ගමන් සජිත් ප්‍රේමදාස මහතා එතුමිය ගත්ත එකටත් අපි ස්තූතිවන්ත වෙනවා.
අනුරට මානසික ආතතිය
වෝටර්ස් ඒජ් ආයතනය මැතිවරණ කටයුතුවලට යොදා ගන්නවා කියලා චෝදනාවක් තියෙනවා. වෝටර්ස් ඒජ් ආයතනය තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ. අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් ඒක පාලනය කරනවා. මැතිවරණයට පෙර සිට ම මැතිවරණයට පාවිච්චි කරන්න වෙනම පැකේජ් හදලා ඒක මාකට් කරලා තිබුණා. එහෙම තමයි ඒ ආයතනය ආදායම් උත්පාදනය කර ගන්නේ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඇවිල්ලා පරීක්ෂණ කරලා ඒ පිළිබඳව ගැටලුවක් නෑ. අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා මගේ බෑණා කෙනෙක් වෝටර්ස් ඒජ් ආයතනයේ ඉන්නවා කියලා. අනුර කුමාර දිසානායක වගකිව යුතු තනතුරකට තරග කරන කෙනෙක් විදියට කාරණාවක් කියනවා නම් පදනමක් ඇතිව වගකීමෙන් කියන්න ඕනේ. මට ඉන්නේ බෑණලා දෙන්නයි. මගේ කිසිම බෑණා කෙනෙක් වෝටර්ස් ඒජ් එකේ හෝ මගේ යටතේ තිබෙන ආයතනයක කිසිම තනතුරක් දරන්නේ නෑ. මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේවත් නෑ.
අනුර කුමාර බොරු කියනවා කියන එක මුළු රටම දන්නවා. ඒ කාලේ ලැම්බෝ ගිනි කාර් ගැන, රත්තරං අශ්වයෝ ගැන කිව්වා. පෝර්ට් සිටි එකට ගල් දාන ප්‍රමාණය ඉලක්කම්වලින් කියපු කෙනා පස්සේ මාධ්‍යට ඇවිල්ලා කිව්වා එහෙම දෙයක් කිව්වේ නෑ කියලා. ඒ කාලේ කියපු ඒවා සහ දැන් කියන ඒවා දැන් සමාජ මාධ්‍ය හරහා යනවා. එතුමා මානසික ආතතියට පත් වෙලා රෝහල් ගත වෙලා ඉන්නෙත් ඒ නිසයි. මානසික ආතතියෙන් කියපු දෙයක් ගැන මම කිසිවිටක කළබල වෙන්නෙත් නෑ.
වසර හතළිහක රනිල් විරෝධය
අපිට තුනෙන් දෙකේ බලයක් තිබුණා. එයින් බහුතරයක් පසුගිය කාලේ ස්වාධීන වුණා. ස්වාධීන වුණ බොහෝ දෙනෙක් මේ මැතිවරණයේ දි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දක්වනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තිබ්බා අලියගෙන් ඉල්ලන්න. එතුමා ස්වාධින වුණා. එතුමා අද ජාතික නායකත්වයක් ලබා දෙනවා. ඒ නායකත්වයට හැමෝම එකතු කර ගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුවේ කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අපිත් එක්ක හිටපු පක්ෂ ගොඩක් එකතු වෙන්නේ ඒ අරමුණටයි. ජාතිවාදී, ආගම්වාදී දේවල් අවුලවා බලයට පත්වෙන කණ්ඩායම් හිටියා. ඒ සියලු දෙනාට උත්තරයක් දීලා තියෙනවා. අද සියලු ජාතීන් එකට පෙළ ගැහිලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවන්නට. ඒ අය ඒ සඳහා පෙළ ගැහෙන්නේ තම පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් නෙමෙයි. ඔවුන් දන්නවා රනිල් වික්‍රමසිංහ ජාතිවාදී, ආගම්වාදී කෙනෙක් නෙමෙයි කියලා.
අද අපේක්ෂකයෝ තිස් නමදෙනෙක් හිටියට දෙදහස් විසි දෙකේ දි ඔය එක්කෙනෙක්වත් හොයා ගන්න හිටියේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි එදා ඒ අභියෝගය භාර ගත්තේ. මම අවුරුදු හතළිහක් එතුමාට විරුද්ධව දේශපාලනය කරපු කෙනෙක්. මේ වෙලාවෙදි රට ගැන හිතන සියලු දෙනා එකතු වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරවන්නයි.
අනුකම්පා ඡන්ද
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දෙවැනි පාර ඉල්ලනකොට බෝම්බය නිසා අනුකම්පා ඡන්දයෙන් ජයග්‍රහණය කළා. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා අනුකම්පා ඡන්දයෙන් ජයග්‍රහණය කරන්න. අනුර කුමාර දිසානායක මහතාට දැන් මානසික ආතතිය හැදිලා අසනීපයි. මානසික ආතතිය තියෙනකොට ජනාධිපතිවරණයට තරග කරන්න බෑ. මේ අයට තර්ජන තියෙනවා ඒ නිසා ආරක්ෂාව තර කරන්න කියලා කියනවා. ඒ තර්ජන අපි හැමෝටම තියෙනවා. දෙදහස් විසි දෙකේ දි මන්ත්‍රීවරු ඔක්කොම මරන්නනේ හැදුවේ. ඕක සාමන්‍යයෙන් මැතිවරණ කාලවට වෙන දෙයක්. හැබැයි ඒ අයගේ ආරක්ෂාව රජය විසින් ලබා දෙනවා.”
පෙනෙන දේ සහ නොපෙනෙන හීන