ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝ රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උපුටා දක්වමින් 'ලංකා සී නිව්ස්' අනතුරු අඟවයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''වෛරසය ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ වැඩි කරන්නයි ලබාදුන් උපදෙස් නොතකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම නිසා වෛරස ව්‍යාප්තිය 04වන අදියරට පැමිණ සමාජය කරා පැතිරීම දක්වා ව්‍යාප්ත වනු ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

පලමු කොරෝනා රෝගියා මෙරටින් වාර්තා වූ අවස්ථාවේදීම ඉදිරියේදී රෝගීන් වර්ධනයක් ඇතිවන බැවින් පරීක්ෂණ වැඩි කළ යුතු බව පෙන්වා දුන් නමුත් ඒ පිලිබඳ උනන්දුවක් බලධාරීන් නොදැක්වීම නිසා කොරෝනා වෛරසය දරුණු අන්දමින් සමාජය ගිලගැනීමේ අවධානමක් පවතින බවද ඔහු පැවසීය.

ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිනකට 1500ක් පමණ සිදු කළ යුතුව ඇතත් දැනට සිදු කරන්නේ පරීක්ෂණ 300ක් පමණ යැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

( උපුටා ගැනීම අවසන් )

 ශ්‍රී ලංකාව තව බොහෝ ඉදිරියට යා යුතුය – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

මේ අතර lankaleadnews.com හි ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය වාර්තා කර ඇත්තේ, මේ වන විට කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කරමින් සිටින රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව බොහෝ පිටුපසින් සිටින බවයි. 

ජනගහණය මිලියනයකට සාපේක්ෂව කරන ලද පරීක්ෂණ අනුව බලන විට එම තත්වය පහත පරිදි වේ.

    1 - හොංකොං           – 12,900
    2 -සිංගප්පූරුව          – 11,110
    3 -දකුණු කොරියාව  – 9,310
    4 - කියුබාව                – 831
    5 - ශ්‍රී ලංකාව              – 152

මූලාශ්‍රය – WORLD.O.METER

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්