පෘතුවිය පුරා පැතිර තිබෙන කොරෝනා වසංගතය නමැති අර්බුදයෙන් ලොව පුරා සිටින කම්කරුවන් බිලියන 1. 25 ක් සෘජුව පීඩාවට පත්වන බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය ( ILO ) මේ වන විට අනතුරු අඟවා තිබේ.

කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමකට ලක් වී සිටින යුරෝපා සංගමය මේ වන විට මුහුණ දී සිටින්නේ පෙර නොවූ විරූ අර්බුදයකට ය.

මේ නිසාම පසු ගිය අඟහරුවාදා මුළු රාත්‍රියක් පුරාවටම යුරෝපා සංගමයට අයත් මුදල් ඇමැතිවරු 27 දෙනෙකු  එකට එක් වී සාකාච්ඡාවක් පැවැත් වූවද, පොදු ආර්ථික ප්‍රතිචාරයකට එකඟ වීමට ඔවුන් අසමත්වීමෙන් ප්‍රතිඵලයක් නොමැතිව සාකච්ඡාව අවසන් වී ඇත.

කම්කරුවන්, සමාගම් සහ රටවල් ආරක්ෂා කර ගැනීමේ තම පරමාර්ථය එලෙසම පවතින බැවින්, නැවතත් සාකච්ඡා ආරම්භ කරන බව  පවසන යුරෝපා සමූහයේ සභාපති මරියෝ සොන්තෙනො ( Mario Centeno ) , වැදගත් ප්‍රතිසාධන සැලසුමක් ඉදිරිපත් කරමින් යුරෝපීය ආරක්ෂක ජාලයක් සකස් කළ යුතු බව ද කියා සිටියේය.

ලොව පුරා රටවල් 192 ක් කොරෝනා වෛරස වසංගතයෙන් පීඩා විඳින අවස්ථාවක ප්‍රධාන කාර්මික රටවල් අතුරින් සිය කාර්මික සංවර්ධන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ පළමු රට වන්නේ ප්‍රංශය ය.

මෙම සංඛ්‍යා ලේඛන වලට අනුව, ප්‍රංශය මේ වසරෙ පළමු කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදනයේ අඩුවීම 6% ක් ලෙස සටහන් වී ඇත. 

කොරෝනා වසංගත තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් නිමා කර ගැනීමට නොහැකි වී ඇති තත්ත්වයක් තුළ ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදනයේ අඩුවීම ඉදිරි කාර්තුවේ දී තවත් ඉහළ යනු ඇත.

ජර්මනියත් හොඳ තත්වයක නැහැ :

යුරෝපා සංගමය තුළ වඩාත් ශක්තිමත් ස්ථානයක සිටින ජර්මනිය ද මේ වන විට හොඳ තත්වයක නොමැති බව පෙන්වා ඇත. 

ජර්මනියේ පළමු මාස තුන තුළ දල දේශීය නිෂ්පාදනය 2% ක අඩුවීමක් පෙන්නුම් කර ඇති අතර, එළැඹෙන දෙවැනි කාර්තුවේ දී එම අඩුවීම 10% කට ආසන්න අගයක් බවට පත්වනු ඇති බවට ජර්මනිය අපේක්ෂා කර ඇත.
ප්‍රංශ කම්කරු ඇමති මුරීල් පෙනිකො ගෙන් සහතිකයක් :

SIPA 00932383 000018
මේ අතර ප්‍රංශ කම්කරු අමාත්‍ය මුරීල් පෙනිකො ( Muriel Penicaud ) අද (අප්‍රේල් 09) උදෑසන BFM රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී අර්ධකාලීන රැකියා නියුක්තිකයන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළේය.

ප්‍රංශය තුළ සිටින අර්ධකාලීන රැකියා නියුක්තිකයන් මිලියන 6.9  ය ආරක්ෂා කරන බව පැවසූ ප්‍රංශ කම්කරු අමාත්‍යවරයා, ඒ හා සම්බන්ධ 6,28,000 ක් වූ ව්‍යාපාරිකයන් සුරක්ෂිත කිරීම පිලිබඳව තමන් සැලකිලිමත් වන ද  බව කීය.

පසුගිය පැය 24 තුළදී කොරෝනා වෛරසයෙන් ප්‍රංශයේ මිය ගිය ගණන 541 ක් !

අප්‍රේල් 08 වැනිදායින් ගෙවුණු පැය 24 තුළ ප්‍රංශය තුළ කොරෝනා ආසාධනයෙන් මිය ගිය පුද්ගලයන් ගණන 541 ක් බව ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ඊයේ ( 08) සවස ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් විය. 
එහෙත් එම ප්‍රමාණය රෝහල් තුළ සිදු වූ මරණ සංඛ්‍යාව පමණක් ය.

යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් සපයන ස්ථානවල ( Ehpad ) අදාල පැය 24 තුළ සිදු වූ මරණ ප්‍රමාණය මෙම 541 ට ඇතුලත් නොමැති බවත්, එම ප්‍රමාණය ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ ඊට අදාල වෛද්‍ය ආයතනවල සිදු වූ තාක්ෂණික ගැටලුවක් නිසා බවත් ජෙරොම් සලොමොන් කියා සිටියේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව, 

# මේ වන විට ප්‍රංශය තුළ සිටින ආසාධිතයන් ප්‍රමාණය 1,12,950 කි. 

# රෝහල් ගතවීම් 30,375 ක් වන අතර, 

# දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් ගණන 7,148 කි.

# සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් ඊයේ (08) ඉදිරිපත් කළ වාර්තාවට අනුව ඒ වනවිට ප්‍රංශය තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව10,869 කි.  

# ඒ වන විට රෝගීන් 21,254 ක් සුව වී තිබේ.

කෙසේ වෙතත් ජෙරොම් වැඩි දුරටත් කියා සිටියේ, මින් පෙර නොවූ විරූ මට්ටමේ රෝහල් භාවිතයේ ඉල්ලුමකට ප්‍රංශය ලඟා වී සිටින බවය.

 ( සුනිල් ගාමිණි ප්‍රංශයේ සිට )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්