දැනට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොරෝනා ආසාදිත බවට තහවුරු කර ගත් මරණ සංඛ්‍යාව ඊයේ (අප්‍රේල් 08) වන විට 07ක් බවට රජය ප්‍රකාශ කර ඇතත්,

කොරෝනා ආසාදිත බවට පරිෂණ මගින් තහවුරු වී නොමැති එහෙත්  කොරෝනා ලක්ෂණ පහල කර ඇති සැකකටයුතු මරණ කිහිපයක් ද මෙරටින් වාර්තා වී ඇතැයි ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ආචාර්ය ඕෂල හේරත් පවසයි. 

ඔහු විසින් සිය FB පිටුවේ පළකර ඇති සටහනක එබව සඳහන් වේ. 

එහෙයින් ජනතාව වඩාත් ප්‍රවේශම් සහගත විය යුතු බව පවසන ඕෂල හේරත්, ''දැනුවත් වී එකමුතු කොරෝන පරාජය කිරීමට කටයුතු කරමු'' යි සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙත ආයාචනය කර සිටියි.

''කරුනාකර, මේ ලිපිය සම්පුර්ණයෙන් කියවන්නේ නැතුව කොමන්ට් කරනන් like කරන්න, share කරනන් එපා!'' යයි අවධාරණය කරමින්, ඔහු විසින් පළකර ඇති සටහනේ මෙසේ සඳහන් වේ. 

මහජන සුබ සිද්ධිය වෙනුවෙන් ම පමණයි !

''මුලින්ම මම කියන්න ඕනේ මම මේ ලිපිය පල කරන්නේ මහජන සුබ සිද්ධිය වෙනුවෙන්. රටේ පවතින නීතියට අනුව තොරතුරු දැනගැනීමේ පණත මගින් උවද ජනතාවට මෙවැනි තොරතුරු ලබා ගැනීමට අයිතිය ඇත. 

ඒ වගේම මේ ලියවිල්ල මම පළකරන්නේ මියගිය පුද්ගලයාගේ ඥාති අනුදැනුම ඇතුවයි. (මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් හෝ අසා සිටීමෙන් වැළකීමට කාරුණික වන්න.(

දැනට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොරෝනා ආසාදිත බවට තහවුරු කර ගත් මරණ සංඛ්‍යාව 07ක් බවට ප්‍රකාශ කර ඇත. මේ ඉන් එක මරණයක් නොවේ. 

මේ මිය ගිය පුද්ගලයාගේ කරන ලද කොරෝනා සදහා වන PCR පරීක්ෂණ දෙකම කොරන ආසාදිත නොවන බවට වාර්තා වුනා. නමුත් ඔහු මිය යාමට ප්‍රථම දැක්වූ රෝග ලක්ෂණ සහ රෝග ඉතිහාසය සහ අධිකරණ වෛද්‍ය නිලධාරි වරයාගේ නිරීක්ෂණ මත මොහුගේ මරණය කොරෝනා නිසා ඇති වූ නිව්මෝනියාව නිසා සිදු වූ මරණයක් බවට සැක බවට ප්‍රකාශ කර තියෙනවා. 

උඩින් පල්ලෙන් කියවන අයට අයිත් පැහැදිලි ව කියන්න ඕනේ මේ මිය ගිය පුද්ගලයා කොරනා අසාධිතයෙක් නොව, නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මතය අනුව කොරනා බවට සැක කරන මරණයක් ලෙසයි ප්‍රකාශ කරන්නේ.

තවත් මෙවැනි මරණ 03ක් !

මෙහි වැදගත් කම වන්නේ මේ වන විට මාධ්‍ය හරහා තවත් මෙවැනි මරණ 03ක් පහුගිය දින වල වාර්තා වුනා. මේ පුද්ගලයාගේ ඇතුළු ඒ සියලු දෙනාගේ අවසන් කටයුතු සිදු කලේ වෛද්‍ය නිදේශ මත කොරෝනා ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සිදු කරන ආකාරයෙන්මයි. ඒ ක්‍රමවේදයන් මේ ලිපිය කියවන ඔබට පැහැදිලි වනු ඇති.

මේ වැනි වසංගතයකට මුහුණ දිම රජය ඇතුළු සියලු බලධාරීන්ට සහ ලංකාවේ වෛද්‍ය කාර්ය මණ්ඩල වලටද අලුත් අත්දැකීමක්. එවැනි අවස්ථාවල අඩුපාඩු සිදුවීම සමාන්‍ය තත්වයක් වුනත් ඒවා අනාගතයේ අවම කර ගැනීමට කටයුතු කර ගත යුතුවේ.

මේ ලිපිය පලකිරීමට පෙර මම වෛද්‍ය සංගම, වෛද්‍ය සභාව සහ නීතිඥ උපදෙස් පවා ලබා ගත්තේ මෙම පළකිරීම මගින් කිසිවකුට අගතියක් සිදු නොවීමටයි. 

දැනට මත් මේ රෝගියා සහ ඔහු මිය යාමෙන් පසු මේ සිදුවූ සම්පුරණ ක්‍රියාදාම තුල සිදුවූ යම් යම් අඩුපාඩු නිවැරදී ඉදිරියේදී නොව්මට කටයුතු කිරීම සදහා මම ඒ ගැන ඒ අදාල බලධාරීන් දැනුවත් කලා.


ජනතාවට මගේ පණිවිඩය ඊට හත් පසින්ම වෙනස්,

1 - දැනට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යවට, සැකසහිත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් කොටසක්ද එක්විය හැකි නිසා ලංකාව තුල සැබෑ කොරනා මරණ ගණන දැනට ප්‍රකාශිකා සංඛ්‍යාවට වඩා වැඩි විය හැක. එමනිසා මේ ප්‍රශ්නයේ බැරෑරුම් කම තේරුම් ගන්න.

2 -  ඒ අනුව සමාජ දුරස්ථ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත අකුරට පිළිපදින්න. ඔබට යම් සැකයක් තිබේ නම් ප්‍රථමයෙන් මුඛ අවර්නයක් නිවෙස් තුල උවද පැළදීමටත්, වෙනත් අත්සේදීම වැනි සෞඛ්‍ය උපදෙස් ද අනුගමනය කරන්න.

3 - ඔබට උණ, සෙම්ප්‍රතිෂයව, කැස්ස උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතාව, හිසේ රුදාව, පාචන යන රෝග ලක්ෂණ වලින් කීපයක් එකට හෝ සෙම්ප්‍රතිෂාව සමග උන ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ඒ සදහා ඔබට 1999 අංකය ඇමතීම සිදු කල හැක.

4 -  ඔබට කොරෝනා බවට සැක කරන රෝග ලක්ෂණ ඇත්නම් ප්‍රමාද නොවී රෝහල් ගත වීමට කටයුතු කරන්න. තත්වය උග්‍ර වන අවස්ථවේ ඔබ ගිලන් රථ පහසු කම් ලබා ගැනීම වැනි කාර්ය අපහසු විය හැකි බැවින් කල් තියා ක්‍රියාත්මක වන්න. 

මේ පුද්ගලයට වයස 34 ඔහුගේ කොරෝනා ආසාදිතයෙක් උවත් ඔහු අනිවාරයෙන්ම බේරා ගැනීමට හොද හැකියාවක් තිබෙන්න තිබුණා කල්වේලා ඇතුව රෝහල් ගතවී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කටයුතු කළා නම්.

5 -  කිසිවිට බිය නොවන මොකද බිය වීම හරහා වන්නේ ප්‍රශ්න ව්‍යාකුල වීමයි. ඒ නිසා රෝග තත්වයන්, ඇතුළු සියලු කරුණු ප්‍රථම අවස්ථාවේම ඔබේ වෛද්‍ය වරයාට ප්‍රකාශ කරන්න. 

ඔබට කොරෝනා වැලදුනත් අකාලයේ මිය නොයන්න. බේරන්න හැකි උපරිම උත්සය දැරීමට වෛද්‍ය උපදෙස් ලබා ගන්න කටයුතු කරන්න. ඒය ඔබ වෙනුවෙන් නොව ඔබේ ආදරණිය සමීපතයන් වෙනුවෙන් සිදු කරන්න.

6 -  ඔබේ ප්‍රදේශයේ ගිලන්රථ සේවා, PHI, MOH, පොලිසියේ දුරකතන අංකයන් ඔබේ ලග තබා ගන්න. කොරෝනා රෝග ලක්ෂණ ගැන සහ එහිදී කටයුතු කරන ආකාරය, ඔබේ නිවසේ සියලු දෙනා දැනුවත් කරන්න. ඒ හැම දෙයක්ම අවසාන ප්‍රතිපලය වෙත වැදගත් වනු ඇති.

7- රජය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති යම් යම් අඩුපාඩු අවම කර ගැනීමට ඔබේ පෙර සුදානම සහ අවබෝධය වැදගත් වනු ඇති.

8 - ඔබට කොරෝනා රෝගය බවට යම් සැකයක් ඇති උවහොත් http://covid19.kpolom.com/ වෙබ් අඩවියට ගොස් selftest එකක් කර ගන්න. වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් සැකයක් නැති නම්, ඔබ අවශ්‍ය පරිදි විවේක ලබා ගන්න. 

ඒ අතර තුර ඔබ දින 14ක් ආපස්සට ඇසුරු කල සම්බන්ධ වුන සියලු දෙනාගේ ලැයිස්තුවක් හදන්න. ඔබ යම් හේතුවකින් රෝහල් ගතවෙන්නේ නම් ඒ තොරතුරු වෛද්‍යවරයාට ලබා දෙන්න. එය ඔබේ රෝග විනිශ්චයටද උපකාර වනු ඇති.

9 - ඒ වගේම ඔබට හොද නිරෝගී තත්වයේ සිටින්නේ නම් ඒ තත්වය දිගටම පවත්වා ගන්න කටයුතු කරන්න. ඒ සදහා හැකිතාක් නිවෙස් වලට වී සිටින්න. ඒ වගේම සියලු සනිපාර්ක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න. 


ඔබ කොරනා රෝගය සහ කල නොකළ යුතු දේ ගැන හොදින් දැනුවත් වී, ඔබ ඥාති හිතමිතුරන්ද දුරකථන මගින් දැනුවත් කරන්න කටයුතු කරන්න.


කොරනා වසංගතය අපේ ජිවිත පමණක් නොව, මිනිස් වර්ගයාගේම මානුෂිකත්වය උදුරා ගැනීමට පැමිණි විපාකයකි. දැනුවත් වී එකමුතු ඒ කොරෝන පරාජයට කටයුතු කරමු.''

92694574 2846185772155889 3191442910344118272 n

ඡායාරූප අන්තර්ඡාලය ඇසුරෙනි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්